Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

You are here

දත්ත හොස්ටිං සේවා

all you want

අපගේ අති නවීන දත්ත මධ්‍යස්ථානයෙන් සැලසෙන සේවාවන් ඔබ මුහුණ දෙන දෛනික අභියෝග මගහරවමින් හා ව්‍යාපාරික ක්ෂිතිජයන් වඩාත් පුළුල් කරමින් ඔබේ මූලික ව්‍යාපාරික කටයුතුවලට අදාළ උපායමාර්ගික තීරණ වෙත නිදැල්ලේ අවධානය යොමු කිරීමට ඉඩ සලසයි.

ඔබේ ව්‍යාපාරික ඉලක්කවලට අතිශයින් වැදගත් වන සන්නිවේදන හා දත්ත යටිතලපහසුකම් කළමනාකරණය කිරීමේ හැකියාව අපගේ අති දියුණු දත්ත මධ්‍යස්ථානය සතු වේ. වෘත්තීය සහයෝගයෙන් ජවගැන්වුණු විශ්වසනීය, සුරක්ෂිත හා නම්‍යශීලී පසුබිමක් සහතික කරන අතරම අපි ඔබේ ව්‍යාපාරික කටයුතුවල ස්ථාවරභාවය ඉහළ නැංවීමට කැප වන්නෙමු.

එස් එල් ටී iDC සමගින් ඔබත් අදම ඔබේ ව්‍යාපාරික තොරතුරු වෙත සුවිශේෂී අවධානයක් දක්වන අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ කරළියක් වෙත යොමු වන්න.

ප්‍රතිලාභ
Application Hosting

Shared, Dedicated, Virtual සහ Cloud වැනි සංකීර්ණ යෙදුම් හොස්ටිං (application hosting) පහසුකම් සපයන අපගේ අති නවීන දත්ත මධ්‍යස්ථානය, ඔබේ යෙදුම ඉතා අඩු වියදමකින් සාර්ථකව බෙදා හරියි. අප විසින් ලබා දෙනු ලබන නවතම යෙදුම්වලින් කිහිපයක් මෙසේය:

  • Mail Hosting

  • Web Hosting

  • Database Hosting

  • Audio Streaming

  • Video Streaming

  • DNS hosting

Shared Hosting

ඔබේ දත්ත හොස්ටිං අවශ්‍යතා වෙනුවෙන් පවතින වඩාත් සකසුරුවම්දායී විසඳුම මෙයයි. එකම වෙබ් සර්වරයක් තුළ වෙඩ් අඩවි පිහිපයක් එක වර අන්තර්ජාලය වෙත මුදා හැරීමට මෙමගින් සහාය ලැබේ. මෙහිදී සෑම වෙබ් අඩවියක්ම සර්වරය තුළ ඊට හිමි විභේදනය (partition) තුළ රැඳෙන අතර මේ නිසා එක් අඩවියක් අනෙකුත් ඒවායින් වෙන්ව පවතී. මේ ආකාරයටම අපි අපගේ පාරිභෝගිකයින් වෙත වඩා වැඩි වටිනාකමක් එක් කරනු පිණිස shared E-mail Hosting සහ Database Hosting සේවාවන් සැපයීමද සිදු කරන්නෙමු.

  • Shared
    E-mail Hosting
  • E-mail Hosting

    More Details

  • Shared
    Web Hosting
  • Unix

    More Details

    Windows

    More Details


  • DataBase Hosting
  • My SQL

    More Details

    MSSQL

    More Details

ඔබ බලාපොරොත්තු වන්නේ පද්ධති පරිපාලනයක් හා නඩත්තුවක් සිදු නොකෙරෙන, අඩු වියදමක් වැය වන මූලික සේවා විසඳුමක් නම්, ඒ සඳහා ඇති හොඳම තෝරාගැනීම Shared services වේ.

Virtual Hosting

ඔබට අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික shared hosting සේවාවක පැවති සරලත්වයම සහිත කැපවූ සර්වරයක් නම්, ඒ සඳහා ඇති හොඳම විසඳුම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ Virtual Private Server (VPS) වේ. මෙය, මෙහෙයුම් පද්ධතියක්, දත්ත ආරක්ෂාව, දත්ත සම්ප්‍රේෂණය, දත්ත උපස්ථ කිරීම හා ගබඩා කිරීම වැනි පහසුකම් මාලාවකින්ම සමන්විත වේ.

VPS හරහා අපි දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණ බරින් ඔබ නිදහස් කරමින් ඉතා විශ්වසනීය හා විශිෂ්ට ලෙස පාලනය කරන ලද සර්වරයක් ලබා දෙන්නෙමු. එසේම, අති විශාල පද්ගල ශ්‍රමයක් වැය කිරීමේ අවශ්‍යතාවය මින් නැති වී යන අතර ඔබට අවශ්‍ය වන්නේ ඉහළම පරිගණක සම්පත් අවම මිලකට ලබා ගැනීමට නම් ඒ සඳහා ඇති හොඳම විසඳුම මෙම සේවාව බවට පත් වේ. එසේම, එක් සේවා සැලසුමක සිට තවෙකක් වෙත මාරු වීමේ පහසුකමද අපි ඔබ වෙත ලබා දෙන්නෙමු.

 

Dedicated Hosting

මෙහෙයුම් පද්ධතිය, මෘදුකාංග ආදිය ඇතුළත්ව ඔබේ සර්වරවල සම්පූර්ණ පාලනය ඔබටම පවත්වා ගැනීමට අවශ්‍ය නම්, ඔබේ ව්‍යාපාරය සඳහා වඩාත් ගැලපෙන තේරීම මෙය වනු ඇත. මෙම සේවාව ලබා ගැනීමේන අනතුරුව අගය එකතු කළ සේවාවක් වශයෙන් සර්වර පරිපාලන කටයුතු සිදු කිරීමේ හැකියාව අප සතු වේ.

මීට අදාළ උපකරණ සඳහා අවශ්‍ය ආයෝජනයන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සිදු කෙරෙන අතර නම්‍යශීලී ගාස්තු ක්‍රමයක් යටතේ එහි සේවා ඔබ වෙත ලබා දේ. සර්වර මිලදී ගැනීම සඳහා සේවා සම්පාදකයින් විශාල ප්‍රමාණයක් සමග කටයුතු කිරීමේ කරදරයෙන් ඔබ මුදවා ලන අපගේ කැපවූ හොස්ටිං සේවාව නිසා ඔබ විසින් ප්‍රාග්ධන ආයෝජන වශයෙන් වැය කරන්නට සිදු වන විශාල මුදලක් ඉතිරි වනු ඇත.

  • Dedicated
    Web Hosting
  • වෙබ් හොස්ටිං

    වැඩිදුර විස්තර

  • Dedicated
    e-Mail Hosting
  • E-Mail හොස්ටිං

    වැඩිදුර විස්තර

Scroll To Top