Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

You are here

දත්ත හොස්ටිං සේවා

all you want

අපගේ අති නවීන දත්ත මධ්‍යස්ථානයෙන් සැලසෙන සේවාවන් ඔබ මුහුණ දෙන දෛනික අභියෝග මගහරවමින් හා ව්‍යාපාරික ක්ෂිතිජයන් වඩාත් පුළුල් කරමින් ඔබේ මූලික ව්‍යාපාරික කටයුතුවලට අදාළ උපායමාර්ගික තීරණ වෙත නිදැල්ලේ අවධානය යොමු කිරීමට ඉඩ සලසයි.

ඔබේ ව්‍යාපාරික ඉලක්කවලට අතිශයින් වැදගත් වන සන්නිවේදන හා දත්ත යටිතලපහසුකම් කළමනාකරණය කිරීමේ හැකියාව අපගේ අති දියුණු දත්ත මධ්‍යස්ථානය සතු වේ. වෘත්තීය සහයෝගයෙන් ජවගැන්වුණු විශ්වසනීය, සුරක්ෂිත හා නම්‍යශීලී පසුබිමක් සහතික කරන අතරම අපි ඔබේ ව්‍යාපාරික කටයුතුවල ස්ථාවරභාවය ඉහළ නැංවීමට කැප වන්නෙමු.

එස් එල් ටී iDC සමගින් ඔබත් අදම ඔබේ ව්‍යාපාරික තොරතුරු වෙත සුවිශේෂී අවධානයක් දක්වන අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ කරළියක් වෙත යොමු වන්න.

ප්‍රතිලාභ
IT Co-Location

මෙම සේවාව නිසා, කිසියම් බාහිරින් ලබා ගන්නා ලද මොඩලයක් මත තොරතුරු තාක්ෂණ හා විදුලිසංදේශන උපකරණ ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සමගින් වෙනම 'දත්ත රාක්කයක්' අපගේ දත්ත මධ්‍යස්ථානය තුළින් ඔබ වෙත හිමි වේ. මෙලෙස හොස්ට් කරනු ලබන උපකරණයට අන්තර්ජාල සබැඳියාව තිබීමට හෝ IPVPN හරහා ඉතා සුරක්ෂිතව ඔබේ ව්‍යාපාරයේ පෞද්ගලික තොරතුරු ජාලය වෙත සම්බන්ධ කරනු ලැබීමට හෝ හැක.

  • Rack Space
  • Bandwidth
  • Managed Firewall
  • Data Backup

 

  • සටහන
  • කිසිදු ආකාරයක ප්‍රසම්පාදනයක් හෝ පාරිභෝගිකයා සතු කිසිදු උපකරණයක් ස්ථාපනය කිරීම හෝ නඩත්තු කිරීම ඇතුළත් නොවේ.
Scroll To Top