Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

You are here

අන්තර්ජාතික හඬ සේවා

all you want

 

අන්තර්ජාතික හඬ සේවා

ඍජු ඇමතුම් යොමු කිරීමේ මාර්ග හා ඉතා සුපරීක්ෂාකාරීව තෝරා ගන්නා ලද සේවා සැපයුම් සමාගම් හරහා ඉහළම සේවා තත්ත්වයක් පවත්වා ගනිමින් එක් දුරකතන සමාගමක සිට තවත් දුරකතන සමාගමක් වෙත හඬ ඇමතුම් යොමු කිරීමේ පහසුකම Premium Voice මගින් සැලසේ. සමස්ථ ඇමතුම් ප්‍රමාණය හා පිළිතුරු දෙන ලද ඇමතුම් ප්‍රමාණය අතර අනුපාතය (Answer Seizure Ratio) සහ ජාල කාර්යක්ෂමතා ශීඝ්‍රතාව (Network Effectiveness Ratio) ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ද අපි සමත් වී ඇත්තෙමු.

ලොව පුරා පිහිටි අපගේ අන්තර්ජාතික ප්‍රවේශ ස්ථාන මගින් CLI සහ roaming වැනි දියුණු පහසුකම්ද සහිතව තරගකාරී මිල ගණන් යටතේ ඉහළ සේවාවක් සැපයීම සහතික කෙරේ. දැන්, කාර්යක්ෂම අන්තර්ජාල ප්‍රොටොකෝල හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සැපයෙන Premium Voice වෙත පිවිසී හොඳම සේවා අත්දැකීමක් විඳ ගැනීමට අන්තර්ජාතික විදුලිසන්නිවේදන සමාගම්වලට පිළිවන.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තනි පාරිභෝගිකයන් මෙන්ම සන්නිවේදන සේවා සපයනු ලබන වෙනත් සමාගම් වෙනුවෙන්ද (තොග විකුණුම්) සේවා ලබා දීම සිදු කරන නිසා දේශීය සහ අන්තර්ජාතික යන පාරිභෝගික දෙවර්ගයේම අවශ්‍යතා ඉටු කළ හැකි පරිදි විශේයෙන්ම සකසන ලද විසඳුම් බිහි කිරීමේ හැකියාව අප සතුය. සන්නිවේදන සේවා සැපයුම්කාර සමාගම් හා වෙනත් අන්තර්ජාතික මට්ටමේ සමාගම් ඉලක්ක කරගත් අපගේ තොක විකුණුම් (wholesale) සේවාවන්ට අදාළ පොදු ලක්ෂණ කිහිපයක් නම්,

  • 100 කට අධික ද්විපාර්ශ්වික අන්තර්සබඳතා ඇසුරින් විශ්ව ව්‍යාප්ත අන්තර්ජාල සබැඳියාවක් බිහි වීම.
  • අඩුම මිලට ඉහළම තත්ත්වයෙන් සේවා සපයනු ලැබීම
  • TDM හෝ VoIP රවුටර හරහා ඉතා පහසු අන්තර්සබැඳියාවක් ලබා දිය හැකි වීම.
  • සතියේ දින හතෙහි පැය විසිහතර පුරාම ක්‍රියාත්මක පාරිභෝගික සහාය සේවාව හා දෝෂ හඳුනාගෙන ඒවා වාර්තා කොට විසඳුම් ලබා දීම සඳහා trouble ticket දෝෂ නිවාරණ ක්‍රියාවලිය භාවිත වීම.

වෙනත් සමාගම් වෙනුවෙන් සැපයෙන තොග මට්ටමේ හඬ සේවා

 

Premium Voice Termination

100% ගුණාත්මකභාවයකින් යුතුව ලැබෙන ඇමතුම් හඳුනාගැනීමේ පහසුකම් (CLI) හා ෆැක්ස් සේවාවද ඇතුළත්ව අපගේ ඍජු ද්විපාර්ශ්වික අන්තර්සබඳතා ජාල හරහා හඬ ඇමතුම් එක් සනනිවේදන සේවා සැපයුම් සමාගමට සිට තවෙකක් වෙත යොමු කිරීමට මෙම සේවාව ඔබට අවස්ථාව සලසයි.

Standard Voice Termination

අන්තර්ජාතික වශයෙන් හඬ ඇමතුම් පමණක් සන්නිවේදන සේවා සමාගමකින් තවෙකකට යොමු කිරීමේ අවශ්‍යතාවක් ඇති පාරිභෝගිකයින් සඳහා වඩාත් උචිත සේවාව මෙයයි.

Toll Free සේවාව

මෙය, ගාස්තු අයකිරීමකින් තොරව එක් රටක සිට තවත් රටක් වෙත දුරකතන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම ලබා දෙන සේවාවකි. මේ ක්‍රමයට ඇමතුම් ලබා ගැනීමේදී ඇමතුම ලැබෙන පුද්ගලයාගේ බිල්පතට අදාළ ගාස්තු එකතු වේ.

Web Calling

ලොව ඕනෑම තැනක සිට අතිශයින්ම අඩු මුදලකට ඔබේ පරිගණකය භාවිත කරමින් දුරකතන ඇමතුම් ලබා ගන්න. මේ අතරම, ඔබේ මාර්ගගත මිතුරන් (online friends) මිතුරන් සමග නොමිලේ කතා කිරීමේ අවස්ථාවද හිමි වේ. මේ සඳහා ඔබට අවශ්‍ය එකම දෙය වන්නේ මෙම සේවාවට අදාළ මෘදුකාංග යෙදුම ස්ථාපනය කොට ඇති හා අන්තර්ජාල සබඳතාවක් සහිත පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකතනයක් පමණි.

 

Scroll To Top