Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් අති දියුණු දත්ත මධ්‍යස්ථානයෙන් ඔබ වෙත සැලසෙන සේවා නිසා ඔබ දෛනිකව මුහුණ දෙන විවිධ අපහසුතා අවම කරමින් ඔබේ ව්‍යාපාරික සීමා මායිම් තව තවත් පුළුල් කර ගැනීම සඳහා ඔබ සූදානමින් තබනු ඇත. එසේම, ඔබේ ව්‍යාපාරයන්හි විශ්වසනීයත්වය, සුරක්ෂිතභාවය මෙන්ම දින දින ඉහළ යන ව්‍යාපාරික කටයුතු ඉතා සාර්ථකව ඉටු කිරීමේ හැකියාවද සහතික කරගන්නා අතරම ඒවා වඩාත් ස්ථාවරව පවත්වා ගැනීමට අපි සහාය වන්නෙමු.

ශ්‍රී ලංකා ටෙලිකොම් iDC සේවා සමගින් ව්‍යාපාරික තොරතුරු සඳහා සුවිශේෂී සැලකිල්ලක් දක්වන අති නවීන තොරතුරු තාක්ෂණ පසුබිමක් වෙත අදම ඔබේ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කරගන්න.

ප්‍රතිලාභ
  • Virtual Hosting
  • Shared Hosting
Virtual Hosting

ඔබේ අවශ්‍යතාවය සාම්ප්‍රදායික shared hosting සේවා විසඳුම්වල පැවති සරලත්වය හා අපහසුවකින් තොරව ලබා ගැනීමේ හැකියාව එක්තැන් කරන ලද ඔබ වෙනුවෙන්ම වෙන් වූ සර්වරයක පාලනය ඔබ අතට ගැනීම නම්, ඒ සඳහා ඇති හොඳම විසඳුම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අතථ්‍ය පෞද්ගලික සර්වරයයි (virtual private network - VPN). මෙහෙයුම් පද්ධතියක්, දත්ත ආරක්ෂණ ක්‍රම, දත්ත සම්ප්‍රේෂණ පහසුකම්, දත්ත උපස්ථ කිරීමේ (back up) හා ගබඩා කිරීමේ පහසුකම් ආදියෙන් එය පොහොසත්ය.

මෙම අතථ්‍ය පෞද්ගලික ජාල (VPN) හරහා අපි, දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය කිරීමේ හා නඩත්තු කිරීමේ බරින් ඔබ මුදවාලමින්, විශ්වාසය තැබිය හැකි වෘත්තීය වශයෙන් පාලනය කරනු ලැබෙන සර්වරයක් ලබා දෙන්නෙමු. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සංඛ්‍යාත්මකව විශාල සේවක පිරිසක් ලබා ගැනීමේ අවශ්‍යතාව මගහැරී යාමයි. මේ නිසා, ඔබ බලාපොරොත්තු වන්නේ අවම ගාස්තුවක් යටතේ ඉහළම පරිගණක සම්පත් භුක්ති විඳීමට නම් ඒ සඳහා ඇති හොඳම විසඳුම අපගේ VPN හෙවත් අතථ්‍ය පෞද්ගලික ජාල සේවාවයි. එසේම, කලින් කලට ඇති වන අවශ්‍යතාවන්ට අනුකූලව එක් සේවා සැලැස්මක සිට තවෙකකට මාරු වීමේ පහසු අවස්ථාවද අපි අපගේ පාරිභෝගිකයින් වෙත ලබා දෙන්නෙමු.

 

Scroll To Top