Site Map

පෞද්ගලික

ව්‍යාපාරික

all you want

Inter-branch සබඳතාව

සුළු හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පමණක් නොව ස්ථාන වැඩි ගණනකට වුවද සම්බන්ධ වීමේ හැකියාව ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සපයනු ලැබ්.

අපගේ නිෂ්පාදන
IP VPN

IP VPN යනු පරිශීලකයින් අතර හුවමාරුව පවතින (shared) සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහයක් පුරාවටම පෞද්ගලික ජාල සේවා ලබා දන අතථ්‍ය පෞද්ගලික ජාල (virtual private network - VPN) සේවාවකි. එය, දත්තවල රහස්‍යභාවය සුරැකීම පිණිස විවිධ තාක්ෂණයන් භාවිතයට ගනු ලබන හුවමාරු වූ IP/MPLS පසුබිමක් තුළ ගොඩනගන ලද පෞද්ගලික ජාලයකි. සාම්ප්‍රදායික සේවා ලබා ගැනීමේදී එක් එක් පෞද්ගලික ජාල පරිසරයන්ට පමණක් වෙන් කරනු ලැබ තිබූ දත්ත ආරක්ෂණ හා කාර්යක්ෂමතා පහසුකම් රැසක් එක්තැන් කරමින් ව්‍යවසායික මට්ටමේ අනාගත වර්ධනයටන්ට පහසුවෙන් හැඩ ගැසීමේ හා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලැබෙනු ඇත.

අපගේ IP VPN නිෂ්පාදන
Value VPN

Value VPN යනු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන සතු සීමිත අවශ්‍යතා පරාසය සැලකිල්ලට ගනිමින් ඒවා වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කර ඇති අතථ්‍ය පෞද්ගලික ජාල (vitual private network) සේවාවකි. මෙහි ඇති හොඳම වාසිය වන්නේ voice copper සම්බන්ධතා මාර්ගය හරහා සේවා ලබා දීමට ඇති හැකියාවයි. මේ නිසා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් පෞද්ගලික ජාලයක් ස්ථාපනය කිරීමට මෙහිදී සිදු කළ යුතු වන්නේ ඉතා අඩු ආයෝජනයකි.

Premium IP VPN

Premium VPN යනු ව්‍යාපාරයට අතිශයින් වැදගත් දත්ත සම්ප්‍රේෂණයන් හා සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගත හැකි ජාල සමාපන ඒකක (network termination unit) සහිත G.SHDSL ප්‍රවේශ ජාලය වෙත ප්‍රමුඛත්වය ලබා දීම අරමුණු කරගත් සේවා තත්ත්වයක් සහිත IP/MPLS ප්‍රධාන ජාලය (core network) මත පදනම්ව සකසා ඇති IP VPN සේවාවකි. මේ ඇසුරින් එකම තඹ සංදාම යුගලයක් හරහා 4Mbps දක්වා දත්ත සේවා පාරිභෝගිකයා වෙත ලබා දීමේ හැකියාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට ලැබෙනු ඇත.

Ethernet VPN

Premium VPN යනු ව්‍යාපාරයට අතිශයින් වැදගත් දත්ත සම්ප්‍රේෂණයන් හා සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගත හැකි ජාල සමාපන ඒකක (network termination unit) සහිත G.SHDSL ප්‍රවේශ ජාලය වෙත ප්‍රමුඛත්වය ලබා දීම අරමුණු කරගත් සේවා තත්ත්වයක් සහිත IP/MPLS ප්‍රධාන ජාලය (core network) මත පදනම්ව සකසා ඇති IP VPN සේවාවකි. මෙය, සිය අන්තර්ජාල ප්‍රොටොකෝල සැලැස්ම තුන්වැනි පාර්ශ්වයක් වෙත නිරාවරණය නොකිරීමට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින් සඳහා වඩාත් උචිතය.

Remote VPN

SLT remote VPN මගින් දුරින් පිහිටි කාර්යාල, දුර සන්නිවේදක (telecommuters) හා පරිශීලකයින්ට අන්තර්ජාලය හරහා සිය IP VPN ජාලය වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබේ.

SLT IP VPN Class of Service (CoS)

හැකි උපරිමයෙන් ජාල සම්පත් සංකලනය කිරීමේ අවස්ථාව භාවිත කිරීමේ හා තනි යෙදුම් වෙනුවෙන් ඉහළ කාර්යක්ෂමතාවක් ලබා දීමේ හැකියාව ලබා දෙන CoS ශක්‍යතාවද SLT's IP VPN මගින් සැපයේ. ප්‍රධාන ජාලය (core network) තුළ මෙවැනි CoS වර්ග තුනක් ලබාගත හැක. පාරිභෝගික පරිශ්‍රෙය් ස්ථාපිත රවුටර භාවිත කරමින් පාරිභෝගිකයාට අයත් CoS මට්ටම් එම ඒ ඒ CoS වර්ගයට අනුව සැකසීමේ හැකියාවද මෙහි ඇත.

  •  
  •  
  • Template
    Voice & Video
    Business Critical
    Best
    Effort
  • Gold
  • Allows voice, video, business critical data and best effort traffic on your VPN. Three Gold packages are available with different limits of voice or video and business critical data.
  • T-1T-2T-3
    40%40%25%
    35%20%50%
    25%40%25%
  • Silver
  • Allows business critical data and best effort traffic. Two Silver packages are available
  • T-1T-2
    ----
    50%25%
    50%75%
  • Bronze
  • Allows best effort traffic only.
  • T
    --
    --
    100%
Scroll To Top