Site Map

පෞද්ගලික

ටෙලිෂොප්

නිෂ්පාදන මිලදී ගන්නේ කෙසේද?

සම්මත දුරකතන, ෆැක්ස් යන්ත්‍ර, ISDN නිෂ්පාදන, CLI ඒකක සහ මොඩම් ආදී නිෂ්පාදන රැසක්ම එස් එල් ටී ටෙලිෂොප් සතු වේ. මේ සෑම නිෂ්පාදනයක් සඳහාම අංග සම්පූර්ණ නිෂ්පාදන හා මිල ගණන් විස්තර ඇතළත් වේ.
නිෂ්පාදනයකට අදාළ පිටුව වෙත ඍජවම ගමන් කිරීම සඳහා මුල් පිටුවෙහි ඇති අදාළ නිෂ්පාදන ඡායාරූපය මත ඔබන්න. 'Add to Cart' මත එබීමෙන් එම නිෂ්පාදනය මිලදී ගැනීමටත්, 'වැඩිදුර විස්තර' යන්න මත එබීමෙන් ඊට අදාළ අංග සම්පූර්ණ නිෂ්පාදන විස්තරය දැක ගැනීමටත් ඔබට පිළිවන.

නිෂ්පාදන විස්තරය කියවීමෙන් අනතුරුව 'Add to Cart' අයිකනය එබීමෙන් ඔබට එය මිලදී ගත හැකි අතර එකම නිෂ්පාදනයෙහි ඒකක එකකට වඩා මිලදී ගැනීමට ඔබට අවශ්‍ය නම් 'ඒකක ප්‍රමාණය' 'Qty' කොටුව තුළ අවශ්‍ය සංඛ්‍යාව ඇතුළත් කර යන්න 'Update' ඔබන්න.

තවදුරටත් මිලදී ගැනීම් සිදු කිරීමට ඔබට අවශ්‍ය නම් 'Continue Shopping' (තවදුරටත් මිලදී ගන්න) යන්න මත ද, මිලදී ගැනීම සඳහා නිෂ්පාදන තෝරා අවසන් නම් 'Check Out' (බිල්පත ගෙවන්න) යන්න මත ද ඔබන්න.

ඔබගේ ඇණවුම අප වෙත එවීම සඳහා කරුණාකර අදාළ පෝරමය පුරවා 'ඉදිරියට යන්න' ('Continue') මත එබීමෙන් අනතුරුව ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් සහ විද්‍යුත් වාණිජ ගනුදෙනු සිදු කිරීම සඳහා ණය පත් සහතික කිරීම් සිදු කළ හැකි බැංකුවක් ඇතුළත් කරන්න.

බෙදාහැරීමේ විස්තර

ටෙලිෂොප් නිෂ්පාදන බෙදා හැරීම ඉතා අඩු ගාස්තුවක් යටතේ සිදු කෙරේ. දැනට අපි දිවයිනේ සෑම ප්‍රදේශයක්ම වෙත නිෂ්පාදන බෙදා හැරීම සඳහා අය කරන්නේ රු. 150.00 පමණි. කෙසේවෙතත්, උතුරු පළාත් හා නැගෙනහිර පළාත මෙයට අදාළ නොවේ.

ඔබේ ගෙවීම් සැකසී පැය 48 සිට 72 ක් ඇතුළත ඔබ විසින් ඇණවුම් කරන ලද නිෂ්පාදන බෙදා හරිනු ලැබේ. මීළඟ වැඩකරන දිනයේම අදාළ භාණ්ඩ බෙදා හැරීම ඇරඹෙන බව සහතික කර ගැනීම සඳහා ඔබේ ඇණවුම ප.ව. 2.00ට පෙර සම්පූර්ණ කිරීම වැදගත් වේ. සති අන්ත දිනවල හා නිවාඩු දිනවල ලැබෙන ඇණවුම් ඊළඟ වැඩකරන දිනය දක්වා බෙදා හරිනු නොලැබේ. ව්‍යාපාරික දින ලෙස සැලකෙනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා වන අතර පොදු නිවාඩු, බැංකු නිවාඩු හා වෙළඳ නිවාඩු දින මීට අයත් නොවේ.

ඔබ විසින් ඇණවුම සිදු කළ දිනට පසුව එළඹෙන ඊළඟ වැඩකරන දිනයේදීම අදාල නිෂ්පාදන ඔබ වෙත බෙදා හැරීම සඳහා හැකි සෑම උත්සාහයක්ම අපි දරන්නෙමු. කෙසේවෙතත්, නොවැළැක්විය හැකි හේතූන් මත එය ප්‍රමාද වීමටද ඉඩ ඇත. නිෂ්පාදන බෙදාහැරීමේ සිදු වන ප්‍රමාද වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වග කියනු නොලැබේ.

ඔබ විසින් ඇණවුම් කරන ලද නිෂ්පාදන අපගේ සංචිත තුළ නොමැති නම් විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඒ බව ඔබ වෙත දැනුම් දෙනු ලැබේ. ඔබේ ගෙවීම් සනාථ වීමෙන් අනතුරුව සහතික කිරීමේ විද්‍යුත් තැපැල් පණිවුඩයක් ඔබ වෙත ලැබෙනු ඇත.

 

Scroll To Top