Site Map

පෞද්ගලික

You are here

ඔබ SLT IP VPN ම තෝරාගත යුත්තේ ඇයි?

all you want

පුද්ගලික local area (LANs) ජාල තුළ ඇති ප්‍රොටොකෝල මත පදනම් වූ අභ්‍යන්තර ජාල (intranets) ව්‍යාපාරික සමාගම්වල කටයුතු සිදු වූ ආකාරය සම්බන්ධ විශාල වෙනසක් ඇති කර තිබේ. වත්මන් සමාගම් බොහොමයක් පුළුල් ප්‍රදේශ ජාලයක් (wide area network) වෙත සිය ව්‍යාපාරික කටයුතු පැතිරවීමේ අරමුණින් අභ්‍යන්තර ජාල (intranets) කෙරෙහි නැඹුරු වීමේ ප්‍රවණතාවක් දැකිය හැක. එසේම, සෑම පරිමාණයක හා තරාතිරමකම ව්‍යාපාරික සමාගම්වලට අද දින මුහුණ පෑමට සිදු වී ඇති එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ දත්ත, හඬ හා වීඩියෝ දත්ත පහසුදායී ආකාරයකට පාලිත, නම්‍යශීලී හා ආර්ථිකමය වශයෙන් ලාභදායී ජාල වෙත බද්ධ කිරීමයි.

මෙවැනි අභියෝග ජයගත හැකි මූලික විසඳුමක් වශයෙන් දැන් අතථ්‍ය පුද්ගලික ජාල (Virtual Personal Network - VPN) කරළියට පැමිණ ඇති අතර වත්මන් ව්‍යාපාරික පාරිභෝගියන් අවධානය යොමු කරන්නේ ගෙවන මුදලට සරිලන හා අගය එකතු කර ඇති සේවාවන් ලබා ගත හැකි හොඳම සේවා සම්පාදකයින් කෙරෙහි වේ. SLT IP VPN සේවාව ලබා ගන්නා ඔබට ෆයිබර් තාක්ෂණය මත පදනම් වූ අපගේ දීප ව්‍යාප්ත අනතර්ජාල ප්‍රොටොකෝල යටිතලපහසුකම් ආවරණය යටතේ ඔබේම පුද්ගලික ජාලයක් පවත්වා ගැනීමට හැකි වනු ඇත. උපායමාර්ගික ව්‍යාපාර ක්ෂේත්‍ර ගැන කරදර වීමෙන් ඔබේ සංවිධානය නිදහස් කිරීමට එය හේතු වනු ඇත.

 

SLT IP VPN සේවාව භාවිත කිරීමෙන් ඔබට අත් වන වාසි
  • සේවා සංකලනය

    IP VPN සේවාව මගින් එකම අන්තර්ජාල ප්‍රොටොකෝලයක් යටතේ හඬ හා දත්ත යන ජාල දෙවර්ගයම ඒකාබද්ධ කෙරෙන අතර ඒ ඒ ව්‍යාපාරික පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන්ට අනුව IP VPN සේවා සකස් කර ගැනීමට හැකියාව ලැබේ. එසේම, හඬ, දත්ත, වීඩියෝ, ජාල ආරක්ෂාව හා වෙනත් සේවාවන් සඳහා අගය එකතු කිරීම තුළින් විවිධාංගීකරණය ඉහළ නැංවීමද මෙහිදී සිදු වේ.

  • ආරක්ෂාව

    එක් යටිතලපහසුකම් ව්‍යුහයක් ඇති හෑම පුද්ගලික අතථ්‍ය ජාලයක්ම (VPN) සලකනු ලබන්නේ ස්වාධීන මාර්ගගත කිරීමක් සහිත ඩොමේනයක් වශයෙන් වන අතර මේ නිසා ජාලය තුළ තම ව්‍යාපාරයට අදාළ දත්ත සංසරණය වීමේදී ඒවායෙහි ආරක්ෂාව සහතික කරනු පිණිස පෞද්ගලික හා ලියාපදිංචි නොකළ අන්තර්ජාල ප්‍රොටොකෝලයක් භාවිත කිරීමේ අවස්ථාව අන්ත පරිශීලකයින් (end-users) හට ලැබේ.

  • විශ්වසනීයත්වය

    ජාලයෙහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සෑම අංගයකින්ම පොහොසත් වීමේ හැකියාව හෙවත් සාතිරික්තතාව (redundancy) හා දෝෂවලට ඔරොත්තු දීමේ හැකියාව නිසා සෑම මොහොතකම සේවා ලබා ගැනීමට ඇති අවස්ථාව සහතික කෙරේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති පොහොසත් සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය IP VPN කෙරෙහි ඔබට විශ්වාසය තැබිය හැකි බව සහතික කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු බහු ප්‍රෝටොකෝල ලේබල් ස්විචිං (multiprotocol label switching) මධ්‍ය ජාලය සහ ප්‍රවේශ ජාල පදනම්ව ඇත්තේ අතථ්‍ය පුද්ගලික ජාල සඳහා ඉහළ සාතිරික්තතාවක් ලබා දෙන අධිවේගී Ethernet ring තාක්ෂණය මතයි.

  • ගෙවන මුදලට වඩා වටින සේවාව

    මින් පෙර විවිධ තැන් අතර ජාල සබඳහා ගොඩනැඟීම සඳහා පුද්ගලික අතථ්‍ය පරිපථ (VPN) අවශ්‍ය වුවද බහු ප්‍රෝටොකෝල ලේබල් ස්විචිං (multiprotocol label switching) මත පදනම් වන පුද්ගලික අතථ්‍ය ජාල (VPN) මගින් සමස්ථ අන්තර්ජාල ප්‍රොටොකෝල ජාලයම වෙත අඛණ්ඩ සබඳතාවක් ලබා දෙනු ලැබේ. මෙලෙස සන්නිවේදන යටිතලපහසුකම් අංක හුවමාරු කිරීමේ හැකියාව නිසා සම්බන්ධතා ගොඩනැගීමේදී වැය වන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වේ.

  • වර්ධනයන්ට හැඩගැසීමේ හැකියාව

    බහු පොටොකෝල ලේබල් සිවිචිං තාක්ෂණය මත පදනම් වන ජාන සැකැස්ම යනු සංකීර්ණත්වය හා ප්‍රමාණය අතින් ඕනෑම වර්ධනයකට පහසුවෙන් හැඩගැසිය හැක්කකි. පුද්ගලික අතථ්‍ය ජාල ස්වභාවයෙන්ම "any-to-any" හෙවත් අභ්‍යන්තර තාර්කික සබඳතාවලින් ගහණ නිසා අතිරේක වැයකිරීම් ඉතා අවම තත්ත්වයක පවත්වා ගෙන ජාලය ව්‍යාප්ත කිරීමට ඉඩ ලැබේ.

  • නම්‍යශීලීත්වය

    අන්තර්ජාල ප්‍රවේශය සඳහා වන Hub-and-Spoke වැනි විවිධ පරිගණක යෙදුම් ඇසුරින් පුද්ගලික අතථ්‍ය ජාල සංවර්ධනය කළ හැක.

  • අභ්‍යන්තර ජාලය (Intranet)

    හවුල් ජාලයක් (shared network) තුළ කිසියම් ආයතනයක/සමාගමක මූලස්ථානය හා දුරස්ථ අනෙකුත් කාර්යාල එකිනෙක හා යා කරන අභ්‍යන්තර ජාලයක් බිහි කිරීමට හැකියාව ඇති අන්තර්ජාල ප්‍රොටොකෝල පුද්ගලික අතථ්‍ය ජාල (IP VPN) leased-line, ATM හා Frame Relay වැනි සාම්ප්‍රදායික තාක්ෂණයන් වෙනුවට භාවිත කළ හැකි ගෙවන මුදලට වඩා වටිනා විකල්ප සේවා ලබා දෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල ප්‍රොටොකෝල පුද්ගලික අතථ්‍ය ජාල (SLT’s IP VPN) විසඳුම්

Scroll To Top