Site Map

පෞද්ගලික

පෞද්ගලික

all you want

අගය එකතු කළ සේවා

ඔබ කුමක් කළත්, කොතැනක සිටියත් වටිනා තොරතුරු පමාවකින් තොරව ඔබට සමීප කිරීම සඳහා ඔබට ලැබෙන විද්‍යුත් තැපැල් පණිවුඩ කෙටි පණිවුඩයක් (SMS) ලෙස ඔබේ ජංගම දුරකතනයට ලබා ගත හැකි සේවාවක් අප විසින් හඳුන්වා දී ඇත. SLTNet Email to SMS සේවාව සමගින් ඔබට ලැබෙන විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවනු ලබන ලිපිනය, මාතෘකාව (subject line) හා පළමු අක්ෂර 160 දක්වා වන කොටස කෙටි පණිවුඩයක් ලෙස ලබා ගැනීමට හැකියාව ඇත. මොබිටෙල්, ඩයලොග් හෝ එටිසලාට් සබඳතාවක් සහිත ඕනෑම ස්මාර්ට් දුරකතනයකින් ඔබට මෙම සේවාව අත්විඳිය හැක.

SLTNet Email to SMS සේවාවෙහි විශේෂතා:

  • ඔබට ලැබෙන විද්‍යුත් තැපැල් පණිවුඩ සියල්ලම ජංගම දුරකතනයට යොමු කළ හැක.
  • ඔබ විසින් තෝරනු ලබන පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ලැබෙන විද්‍යුත් තැපැල් පණිවුඩ ජංගම දුරකතනයට යොමු කළ හැක.
  • ඔබ විසින් තීරණය කරනු ලබන සුවිශේෂී මාතෘකා පාඨයක් සඳහන් සියලු විද්‍යුත් තැපැල් පණිවුඩ ජංගම දුරකතනයට යොමු කළ හැක.

මෙම සේවාව සඳහා ලියාපදංචි වන්නේ කෙසේද?

ආසන්නතම ටෙලිෂොප් මධ්‍යස්ථානය වෙත ගොස් SLTNet Email to SMS සේවාව සඳහා ලියාපදංචි වන්න. නැතහොත් email2sms@sltnet.lkවෙත ඔබේ ඉල්ලීම යොමු කරන්න.

ඔබ කැමති පරිදි සැකසුම් යෙදීම:

මෙම සේවාව සඳහා ඔබ සාර්ථකව ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් දැනුම් දුන් පසුව http://email2sms.sltnet.lk/sms/jsp/auth.html වෙත පිවිසී ඔබ කැමති පරිදි සැකසුම් (preferences) යොදන්න.

ගාස්තු

මාසික ගාස්තුවරු. 25.00
  • සටහන්
  • කරුණාකර, ඔබට කෙටි පණිවුඩ ලැබෙන අංකය වන 0112474747 ඇමතීමෙන් වළකින්න. එය, ඇමතුම් ලබාගතගත හැකි අංකයක් නොවේ.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවා මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කෙරෙනු ඇත.

 

Anti-Spam සේවාව
Scroll To Top