all you want

BTEC HND යනු එක්සත් රාජධානියේ Pearson ආයතනය මගින් වෘත්තීය සහතිකයක් ලබා දෙන පූර්ව-උපාධියකි. ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීය සුදුසුකමක් වන මෙමගින් උපාධි හැදැරීම මෙන්ම රැකියා අවස්ථා උදා කර ගැනීම සඳහාද කදිම සහායක් සිසුන් හට ලබා දේ. මෙම සුදුසුකම ලබා ගන්නා අයට එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල 100 කට අධික ප්‍රමාණයක B.Sc. හෝ B.Eng උපාධිවල 3 වැනි අධ්‍යයන වසර සඳහා ප්‍රවේශය ලබා ගත හැකි වීම විශේෂයකි.
Edexce
පාඨමාලා ව්‍යුහය

 

මෙය, අවුරුදු 2ක පූර්ණ කාලීන පාඨමාලාවක් වන අතර HND අනුමත අවම සම්මාන (credit) ප්‍රමාණය ආවරණය කෙරේ . මෙම පාඨමාලාව අවසානයේදී මාස හයක (06) තාක්ෂණික පුහුණුවක් ලබා දෙනු ලැබේ.

 

BTEC උසස් ජාතික විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ඩිප්ලෝමාව

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් ඉංජිනේරු ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය වෘත්තීය දිවිය ඇරඹීට කැමති අය සඳහා වඩාත් ගැලපෙන පාඨමාලාවකි. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණයන්හි මූලිකාංග පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

අ.පො. ස. උසස් පෙළ හෝ London (A/L) විභාගයේදී ගණිත, විද්‍යා හෝ තාක්ෂණික විෂය ධාරාව යටතේ අධ්‍යාපනය හදාරා තිබීම. ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුන් හටද අයැදුම් කළ හැක.

මීට අමතරව, ශ්‍රී ලංකා පුහුණු මධ්‍යස්ථානයෙහි කළමනාකාරීත්වයේ උපදේශනය යටතේ පාඨාමාලා සංවිධායක කණ්ඩායම විසින් වෙනත් අදාළ සුදුසුකම් සලකා බලනු ලැබේ.

අයැදුම් කළ යුතු පිළිවෙළ:

පහත ලේඛන සහිතව නිල අයැදුම්පත්‍රය නිසි පරිදි පුරවා ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන්න:

  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • කලින් ලැබූ අධ්‍යාපන මට්ටම්වලට අදාළ සහතික කරන ලද සහතික පිටපත්
පාඨමාලා කාලය :
මාස 24
මීළඟ බඳවා ගැනීම :
සිසුන් ලියාපදිංචි කෙරෙමින් පවතී
ස්ථානය :
වැලිසර
පාඨමාලා ගාස්තුව :
1 කාර්තුව: රු.120,000.00
2 කාර්තුව: රු.100,000.00
3 කාර්තුව: රු. 90,000.00
4 කාර්තුව: රු. 89,500.00
(එකවර ගෙවීමේදී 5% ක වට්ටමක් හිමි වේ)

 

  • අයැදුම් පත්‍රය

Scroll To Top