You are here

තොරතුරු තාක්ෂණ

all you want

වත්මන් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සම්භාරයක් වෙත මං පාදා දෙන ප්‍රධානතම සාධකය ලෙස තොරතුරු තාක්ෂණය සඳහන් කළ හැකිය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආශ්‍රිත රැකියාවක නියැලීම සඳහා විශේඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා රැසක්ම අප විසින් සකසා තිබේ.

 

ලබා දෙන සුදුසුකම්

 

 

PL/SQL

PL/SQL (Procedural Language/Structured Query Language) යනු SQL සඳහා වන ඔරකල්හි විහිදුම් භාෂාව මෙන්ම එහි සම්බන්ධීය දත්ත පදනම (relational database) ද වේ. මෙය, SQL සහ Java හැරුණු විට ඔරකල් දත්ත පදනමෙහි සංගෘහිත කර ඇති ප්‍රධාන ක්‍රමලේඛන භාෂා තුනෙන් එකකි.

මෙම පාඨමාලාවෙහි ඉලක්කය වන්නේ දැනටමත් SQL පිළිබඳ දැනුමක් සහිත සිසුන් ය. මෙම පාඨමාලාව අවසානයේදී, PL/SQL වටහා ගැනීමටත්, දත්ත පදනම සමග කටයුතු කිරීම සඳහා PL/SQL කේත ලිවීමටත්, කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන PL/SQL වැඩසටහන් සකස් කිරීමටත්, ධාවන කාලීය දෝෂ (run-time errors) මගහැරවීමටත්, stored procedures විස්තර කිරීමට හා ක්‍රියාත්මක කිරීමටත් සිසුන්ට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

oracle 10g(SQL) පාඨමාලාව සාර්ථක ලෙස නිම කර තිබීම.

පාඨමාලා කාලය :
දින 03
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
මොරටුව
පාඨමාලා ගාස්තුව :
රු. 16,750.00

 

Scroll To Top