all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් තවත් එක් ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයක් වන ගාල්ල පුහුණු මධ්‍යස්ථානය 1985 වසරේදී උනවටුනේදී ස්ථාපිත කරන ලදුව දැනුට රුහුණු විශ්වවිද්‍යාලයට සමීපව ගාලු පාරේ පිහිටා තිබේ. මෙය ඉදි කරන ලද්දේ දකුණු පළාතේ සිසුන් ඉලක්ක කරගෙන වන අතර බේරුවල හා මාතර වැනි ප්‍රදේශවල සිට මෙයට පිවිසීම වඩාත් පහසුය.

ගාල්ල පුහුණු මධ්‍යස්ථානයට මහල් දෙකකින් යුත් විහාල ගොඩනැගිල්ලක් අයත් වන අතර පරිගණක විද්‍යාගාරයක්, පන්ති කාමර තුනක් හා පරිපාලන කාර්යාලය ආදිය එහි පිහිටා තිබේ. මෙහි ඇති බාහිර රෝපණ නඩත්තු පුහුණු පහසුකම මගින්ද එම විෂය ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අවශ්‍යතා ඇති සිසුන් හට නේවාසිකාගාර පහසුකම්ද තිබීමයි.

කල්තබා සැලසුම් කර ඇති මෙම පුහුණු මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි හා අනෙකුත් පහසුකම් සකසා ඇත්තේ නවීන අධ්‍යයන පරිසරයක අත්දැකීම මැනවින් විඳගත හැකි පරිද්දෙනි. මෙම විද්‍යාගාර හා පන්ති කාමර අතරින් බහුතරය සම්පූර්ණයෙන්ම වායුසමනය කර තිබේ.

පහසුකම්
පරිගණක භාවිතය හා අන්තර්ජාල ප්‍රවේශය
විද්‍යාගාර පහසුකම්
Scroll To Top