මීළඟ පරපුරේ ජාල (Next Generation Network - NGN) සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය පාදක කරගත් G.SHDSL, Metro/Carrier Ethernet සහ IP-MPLS වැනි නවතම තාක්ෂණයන් මත පිහිටන අපගේ ජාලකරණ සේවාවන් විවිධ ව්‍යාපාරික ප්රතිලාභ රැසක් ඔබ වෙත තිළිණ කරයි.
IP VPN
Metro Ethernet
Business Internet Line
IP VPN යනු අතථ්‍ය පුද්ගලික ජාලයක් (Virtual Private Network) වන අතර මෙමගින්, දත්තවල රහස්‍යභාවය සුරැකෙන බව සහතික කිරීම සඳහා IP/MPLS (Multi-Protocol Label Switching) සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය හරහා පුද්ගලික ජාල සේවා බෙදා හරිනු ලැබේ. මෙතුළින් අපි ඔබ වෙත ඉහළම මට්ටමේ ව්‍යාපාරික නම්‍යතාවක් හා අන්තර්ජාල ප්‍රොටොකෝල රැසක් හරහා උපරිම විශ්වසනීය සේවාවක් ලබා දෙන්නෙමු.
නිසි පරිදි සකසන ලද IP VPN ජාලයක් පහත වාසි අත්කර දෙමින් ව්‍යාපාරික ආයතනයක් වෙත ප්රතිලාභ රැසක් ලබා දෙයි:
In private local area networks (LANs), IP-based intranets have fundamentally changed the way companies conduct their business......
බහුප්රොටොකෝල ලේබල් ස්විචිං (MPLS) තාක්ෂණය මත පදනම් වූ අතථ්‍ය පුද්ගලික ජාල (VPN) මගින් එම ජාලය තුළ ඇති ඕනෑම ස්ථානයක් වෙත දත්ත පැකට් ගෙන යාම සඳහා private IP routing තාක්ෂණය හා වැඩිදියුණු කරන ලද කාර්යක්ෂමතාවකින් යුත් label switching තාක්ෂණය සමග එක්තැන් කරයි. ඔබට අයත් සෑම ස්ථානයකම සිට MPLS "cloud" වෙත ඇති එකම එක ප්‍රවේශ සබැඳියක් හේතුවෙන් ඔබේ ජාලයෙහි නම්‍යශීලීත්වය, විශ්වසනීයත්වය හා අභ්‍යන්තර ජාල කාර්යක්ෂමතාව විස්මිත ලෙස ඉහළ නැංවෙනු ඇත.
අපගේ MPLS තාක්ෂණය මගින් ඔබේ හඬ සේවා හා අනෙකුත් ව්‍යාපාරික දත්ත සම්ප්‍රේෂණ කටයුතු සඳහා ඉතා ඉහළ ආරක්ෂාවක් ලබා දේ.
එසේ කිරීමට හේතු වී ඇත්තේ සෑම VPN ජාලයක්ම, එකිනෙකින් වෙනස් ජාල යටිතලපහසුකම් ව්‍යුහයක් වීමයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් IP/MPLS මධ්‍ය ජාලය හරහා එකිනෙක යා සම්බන්ධ කළ යුතු දිවයින පුරා විසිරී පවතින ව්‍යාපාරික කාර්යාල උදෙසා වන IP VPN සේවය මෙයයි. මේ යටතේ පහත නිෂ්පාදන/සේවා සපයනු ලැබේ:
SLT Global VPN සේවාව, ඩතා ආරක්ෂිත පුද්ගලික ජාලයක් ඇසුරින් ඔබේ ව්‍යාපාරයට අයත් ජාත්‍යන්තර කාර්යාල සාර්ථක ලෙස එකිනෙක හා යා කරයි. මේ නිසා දේශීය හා විදේශීය පරිශීලකයින් දෙපිරිසටම එකට එකතු වී කටයුතු කිරීමට හැකි අතථ්‍ය කාර්යාල පරිසරයක් නිර්මාණය කෙරේ.
ව්‍යවසායික පාරිභෝගිකයින්ට, ඍජුවම අන්තර්ජාලය වෙත නොයා 3G/4G මොඩමයක් සහිත ජංගම ජාලයක් හරහා දැනටමත් තමන් සතුව පවතින IP VPN ජාලය වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සලසයි. මෙහිදී අවසරලත් පුද්ගලයෙකුට, කිසියම් සහතික කිරීමේ ක්‍රියාවලියකින් අනතුරුව සිය ව්‍යවසායික IP VPN ජාලය වෙත පිවිසිය හැකි අතර මේ සඳහා භාවිත වන්නේ කල්තබා සකස් කරන ලද පරිශීලක නාමයක් හා මුරපදයකි. මෙම සේවාව නිසා පාරිභෝගිකයන් වෙත නිරන්තර IP VPN සම්බන්ධතාවක් පවත්වා ගනිමින් සැබෑම චල්‍යතාවක් අත්විඳීමට ලැබේ.
මෙම සේවාව මගින් දුරස්ථ කාර්යාල, දුර සන්නිවේදක (telecommuters) හා ජංගම පාරිභෝගිකයන් හට අන්තර්ජාලය හරහා සිය ව්‍යවසායික IP VPN ජාලය වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. තමන් කැමති ඕනෑම ප්‍රවේශ මාර්ගයක් භාවිත කරමින් නිවසේ සිට පමණක් නොව ගුවන් ගමන් අතරතුරදී පවා සිය ව්‍යවසායික IP VPN ජාලයට ඇතුළු වීමේ කදිම අවස්ථාවක් අත් වේ.
SLT Remote VPN සේවාවෙන් අත් වන වාසි
තනි යෙදුම් අවශ්‍යතා උදෙහා ලබා දිය හැකි හොඳම ජාලකරණ සම්පත් හා කාර්යසාධන එකතුවක් අපගේ පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණු කරගත් SLT's IP VPN මගින් සේවා කාණ්ඩ (CoS) පහසුකමද ඔබ වෙත සැපයේ. මෙම සේවා කාණ්ඩ මධ්‍ය ජාලය තුළ ලබාගත හැක. පාරිභෝගිකයින්ට අයත් සේවා කාණ්ඩ මට්ටම් පහත පැකේජවලට අනුගත කළ හැක.