ප්‍රකාශ තන්තු දත්ත සම්ප්‍රේෂණ තාක්ෂණය මත පදනම් වූ අපගේ අති නවීන "මීළඟ පරපුරේ ජාල" (Next Generation Network - NGN) සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය හරහා ඉහළම තත්ත්වයේ හඬ සම්ප්‍රේෂණ සේවාවන් ඔබ වෙත ලබා දීමේ හැකියාව අප සතුය. තඹ හා ප්‍රකාශ සංදාම දෙවර්ගයෙන්ම සමන්විත අපගේ අසමසම රැහැන් සහිත ප්‍රවේශ ජාලය ඇසුරින් ව්‍යවසායික පාරිභෝගිකයින් වෙත ඉතාම ඉහළ හා විශ්වසනීය හඬ සේවා රැසක්ම ලබා දෙන බව අපි සහතික කරන්නෙමු.
ඔබේ අවශ්‍යතා හා සංකීර්ණ ව්‍යාපාරික කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් අපි අපගේ "නව පරපුරේ ජාල" සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය හරහා සංගෘහිත හඬ සේවාවන් රැසක්ම පිරිනමන්නෙමු.
අප සතු සේවා සමූහය අතරින්,
අපගේ සේවාවන් මගින් IP PABXs, IP Phones, PBXs සහ KTS වැනි පාරිභෝගික කේන්ද්‍රීය බුද්ධි සේවා වෙත සබැඳියාව ලබා දේ. අපි ඔබ වෙත පහත සඳහන් Business Trunks සපයන්නෙමු.
අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර හෙවත් Interactive Voice Response - IVR සේවය නිසා සිය පාරිභෝගිකයින් වෙත සජීවී හා පටිගත කරන ලද දුරකතන මාර්ගික හඬ පණිවුඩ ලබා දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ටෙලිකොම් ව්‍යවසායික පාරිභෝගිකයින් හට ලැබේ. එසේම, අමතර ආදායමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේද අනුමැතිය ඇතිව premium rate අංක භාවිතා කිරීමටද මෙම සේවාව ලබා ගන්නා ව්‍යාපාරික පාරිභෝගිකයින්ට ඉඩ ලැබේ. මෙහිදී එම ඇමතුම් IVR සර්වරය වෙත යොමු කිරීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සිදු කෙරෙන අතර කිසියම් ඇමතුමක් යම් නිශ්චිත IVR සර්වරයක් වෙත ලැබුණු සැණින් නියමිත පණිවුඩ වාදනය වීම ඇරඹී පරිශීලකයින් දක්වන ප්‍රතිචාර DTMF ක්‍රමවේදය හරහා ග්‍රහණය කරගනු ලැබේ.
Toll Free නමින්ද හැඳින්වෙන මෙම සේවාව ඇසුරින් ගාස්තු අයකිරීමකින් තොරව ඔබගේ පාරිභෝගිකයින් හට ඔබ ඇමතීමට අවස්ථාව සලසා දිය හැක. මෙය ඕනෑම ව්‍යාපාරික සමාගමක විකුණුම් ඉහළ නංවා ගැනීම සඳහා හේතු වන පිළිගත් ක්‍රමයකි. එසේම, පාරිභෝගික ඇමතුම් හා පරිශීලකයින් ඒවාට දක්වන ප්‍රතිචාර ප්‍රමාණය ඉහළ නංවා ගැනීම තුළින් සිය ඇමතුම් මධ්‍යස්ථාන හෝ පාරිභෝගික සබඳතා මධ්‍යස්ථාන ආශ්‍රිත සේවාවන් වැඩිදියුණු කර ගැනීමට කදිම අවස්ථාවක් මෙම සේවාව සපයයි. ඉහත දැක්වුණු ඕනෑම business trunking සේවාවක් හරහා ව්‍යාපාරික ක්ෂණික ඇමතුම් සේවය ක්‍රියාත්මක කළ හැක. ඉහත සේවාවන් සඳහා වන ගාස්තු පහත සාධක මත පිහිටයි:
Trunking Services
Bulk SMS