ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකතනයකින් ඔබට ඉහත සඳහන් ක්ෂණික ඇමතුම් අංකය අමතීමට හැක. ශ්රී ලංකා ටෙලිකොම් දුරකතනයකින් ඇමතුම් ලබා ගැනීමේදී මේ සඳහා ගාස්තුවක් අය නොවන නමුත් වෙනත් දුරකතන ජාලවලින් ගනු ලබන ඇමතුම් සඳහා අදාළ ගාස්තු අය වනු ඇත.
ශ්රී ලංකාවේ ක්රියාත්මක වන ව්යාපාරික සංවිධාන හා සමාගම් සම්බන්ධ තොරතුරු සඳහා.
Rainbow Pages හි දැන්වීම් පිළිබඳ විස්තර ඉහත අංකයෙන් ලබා ගත හැක.
මෙවැනි අපහසුතාවලින් ඔබ මුදවා ගැනීමට ඔබට සහාය වීම සඳහා හැකි සෑම ප්රයත්නයක්ම අපි දරන්නෙමු. ඔබ පීඩාවට පත් කරන ඇමතුම් ලබා දීම 1991 අංක 25 දරණ විදුලිසංදේශන පණතෙහි 58 හා 59 වගන්ති ප්රකාරව දඬුවම් ලැබිය වරදකි.