Site Map

පෞද්ගලික

You are here

බ්‍රෝඩ්බෑන්ඩ්

all you want

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 21 Mbps තරම් වේගයකින් එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එක් කර තිබේ.

 

Concessionary
Higher Education

සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට රුකුල් දීමේ අදහසින් සුවිශේෂී බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් අප විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. 21 Mbps දක්වා ඉහල නංවා ඇති නොනවතින, බාධා රහිත, අධිවේගී අන්තර්ජාල සබඳතා සමගින් දැන් ඔබට ලෝකයම අතැඟිලි අතරට ගැනීමටත්, අධ්‍යාපනික වැදගත්කමක් ඇති ලිපි හා වෙනත් දත්ත භාගත කර ගැනීමට හා සිසුන්, දේශකයින්, ගුරුවරුන් හා අනෙකුත් අධ්‍යාපනික ජාල සමග අන්තර්ක්‍රියා පැවැත්වීමටත් මහඟු අවස්ථාවක සලසා ඇත. මෙහි ඇති තවත් වාසියක් වනු ඇත්තේ ඔබේ නිවසේ සිටම දුරස්ථ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සහායක්ද මින් ලැබීමයි.

  • Higher Education 01
  • Monthly Rental
    Rs.390.00
  • Download Bandwidth
     
     
    Upto
    21 Mbps
  • Upload Bandwidth
     
    Upto
    512 Kbps
  • Monthly Usage Volume (GB)
     
    4
    Maximum download volume during peak hours
  • Monthly Additional Free Usage Volume (GB)
     
    6
    Maximum upload volume during both peak & off-peak hours and maximum download volume during off-peak hours
  • Total Monthly Usage
     
    10
    Maximum usage volume during both peak & off-peak hours
  • Usage on Demand

    Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum peak download volume or the total usage volume. Additional volume can be requested with same speed - Note 02

  • Higher Education 02
  • Monthly Rental
    Rs.790.00
  • Download Bandwidth
     
     
    Upto
    21 Mbps
  • Upload Bandwidth
     
    Upto
    512 Kbps
  • Monthly Usage Volume (GB)
     
    12
    Maximum download volume during peak hours
  • Monthly Additional Free Usage Volume (GB)
     
    18
    Maximum upload volume during both peak & off-peak hours and maximum download volume during off-peak hours
  • Total Monthly Usage
     
    30
    Maximum usage volume during both peak & off-peak hours
  • Usage on Demand

    Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum peak download volume or the total usage volume. Additional volume can be requested with same speed - Note 02

  • Who eligible
  • Those who are in University Education, following Diploma, Post Graduate Diploma or any other acceptable courses in Government or Private Institutes are eligible to obtain this package.
  • Documents required to obtain the service: A letter from the education institute or student identity card.
Abhimaana

You are the lifeblood of Sri Lanka's rapid journey towards progress and prosperity. As a token of gratitude for your dedication we present you with an exclusive broadband package, 'Abhimaana'. Abhimaana will empower you with consistent, uninterrupted, high-speed internet access at very special rates.

Extra GB top-up options
  • Notes
  • Speeds may vary depending on line distance and condition.
  • Note 02 - To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for additional usage.
  • Off-peak time for download volume is from 00.00 to 08.00 hrs..
  • Equipment configuration support fee is Rs. 500. (Optional)
  • Minimum 60% service quality will be maintained with respect to line speed supported.
  • All charges above are exclusive of Government taxes and will be applicable at the time of purchase.

අවශ්‍ය අමතර ගිගාබයිට් ප්‍රමාණය

ගාස්තුව
1 GB සිට 4 GB දක්වා1 GB එකක් රු. 100 බැගින්
5 GB සිට 19 GB දක්වා1 GB එකක් රු. 85 බැගින්
20 GB සිට 49 GB දක්වා1 GB එකක් රු. 75 බැගින්
50 GB හෝ වැඩි1 GB එකක් රු. 60 බැගින්
  • නව බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ සඳහා අයැදුම්පත

  • නව අභිමාන බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ සඳහා අයැදුම්පත

  • අමතර ගිගාබයිට් විස්තර

එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් (ADSL) යනු කුමක්ද?

එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් මගින් ADSL තාක්ෂණය හරහා ඔබ වෙත ස්ථිර, නොනවතින, අධිවේගී අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ලබා දෙයි. එය ඔබේ සාමාන්‍ය දුරකතන සබඳතාවය අධිවේගී ඩිජිටල් සබැඳියක් බවට හරවනු ඇත. මේ නිසා dial-up සබඳතාවයකදී මෙන් නොව, එකම අවස්ථාවේදී හඬ හා දත්ත සම්ප්‍රේෂණය කිරීමට ඔබට ඉඩ සලසයි. බ්‍රෝඩ්බෑන්ඩ් ADSL තාක්ෂණය වෙත මාරු වීමෙහි ප්‍රතිඵලයක් ලෙස, අතිශයින්ම ඉහළ අන්තර්ජාල වේගයක් සහිතව දත්ත සම්ප්‍රේෂණය කිරීමට ඔබට හැකි වනු ඇත.

ADSL සහ බ්‍රෝඩ්බෑන්ඩ් යන පදවලින් අදහස් වන්නේ කුමක්ද?

බ්‍රෝඩ්බෑන්ඩ් යන්නෙන් අදහස් වන්නේ ඉහළ දත්ත සම්ප්‍රේෂණයක් ලබා දෙන විදුලිසංදේශන ක්‍රමවේදයකි. බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය මගින් සම්මත dial-up සබඳතාවයකදී මෙන් අවම වශයෙන් 10 ගුණයක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි. මන්ද, එකම අවස්ථාවේදී දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා පුළුල් සංඛ්‍යාත පරාසයක් එමගින් ලබා දෙන බැවිනි.

ADSL (Asymmetric Digital Subscriber Line - අසමමිතික ඩිජිටල් ග්‍රාහක මාර්ග) යනු දැනට පවතින තඹ රැහැන් සහිත දුරකතන ජාල භාවිතයට ගන්නා බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා තාක්ෂණයකි. මෙමගින්, දත්ත භාගත කිරීම හා උඩුගත කිරීම සඳහා එකිනෙකට වෙනස් වේග සීමාවන්ට සහාය දක්වන නිසා එය ඇත්තෙන්ම ‘අසමමිතික’ තාක්ෂණයකි. ADSL පැකේජ සාමාන්‍යයෙන් උඩුගත කිරීම්වලට වඩා වැඩි භාගත කිරීමේ වේගයකින් යුක්ත යැයි සැලකෙන හේතුව එයයි.

බ්‍රෝඩ්බෑන්ඩ් භාවිත වන්නේ කුමක් සඳහාද?

  • විශාල ධාරිතාවයකින් යුත් ලිපි/විද්‍යුත් තැපැල් ඇමුණුම් භාගත කිරීම
  • අධිවේගී අන්තර්ජාල ගවේෂණය
  • අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම හා E-Commerce ක්‍රියාකාරකම්
  • ශ්‍රව්‍ය හා ද්‍රශ්‍ය ලිපි වේගවත්ව භාගත කර ගැනීම.
  • වීඩියෝ පට අන්තර්ජාලගත කිරීම
  • අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීම
  • Corporate Intranets වෙත ප්‍රවේශ වීම

බ්‍රෝඩ්බෑන්ඩ් නිසා මාගේ ව්‍යාපාරයට වාසි අත් වන්නේ කෙසේද?

  • වේගවත්, විශ්වසනීය, එසේම "සෑම විටම සක්‍රීය" අන්තර්ජාල සබඳතාවය ඔබේ ව්‍යාපාරික කටයුතු සෑම විටම පාර්භෝගිකයන් හා සැපයුම්කරුවන් වෙත සමීප කිරීමට ඉඩ සලසා දෙයි.
  • එකම දුරකතන මාර්ගයක් මගින් අන්තර්ජාල. දුරකතන හා ෆැක්ස් යන සේවා සියල්ලම ලබාගත හැකි වීමෙන් ඔබේ ව්‍යාපාරයෙහි ඵලදයීතාවය ඉහළ යයි.
  • එකම දුරකතන මාර්ගයම භාවිතයෙන් පියෝ ටී වී සේවාවද ලබා ගැනීමට ඇති හැකියාව.
  • ඔබේ අන්තර්ජාල භාවිත පරිමාව කළමනාකරණය කර ගැනීමට හැකි වීම හා එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතා මත පදනම් වූ පැකේජ හරහා සෑම විටම ඔබ වෙත ලැබෙන අධිවේගී දත්ත සම්ප්‍රේෂණ පහසුකම.

‍ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ලබා ගත හැකි බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ මොනවාද?

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ හතක් ඔබ වෙත ලබා දේ.

  • Abhimaana
  • Entrée
  • Web Starter
  • Web Pal
  • Web Family
  • Web Surfer
  • Web Pro
  • Web Master
  • Web Champ
  • Web Life
 

Web Master, Champ සහ Life යන පැකේජ ඉල්ලා සිටින විට ස්ථිර අන්තර්ජාල ප්‍රොටෝකෝලයක් ලැබෙනු ඇත.

මා තෝරාගත යුත්තේ කවර බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජයද?

ඔබ තෝරාගත යුත්තේ ඔබේ අවශ්‍යතාවලට වඩාත් උචිත පැකේජයයි.

භාවිත කළ හැකි ධාරිතාවෙහි සීමාවක් නොමැති පැකේජ හරහා කාර්යබහුල වේලාවන්හිදී අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමේදී single session transfer rates අතර කිසිදු විශේෂ වෙනසක් නොමැති බව සලකන්න. කෙසේවෙතත්, sessions කිහිපයකට අදාළව එකට එකතු කරන ලද දත්ත සම්ප්‍රේෂණ වාර (sessions) වලදී උපරිම වේගය කරා ළඟා වනු ඇත.

  • සෑම මොහොතකම වේගවත් දත්ත සම්ප්‍රේෂණයක් අවශ්‍ය වන තනි පරිගණකයක් හෝ පරිගණක කිහිපයක් හෝ භාවිත වන විට භාවිත කරන ධාරිතා පරිමාණය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පාරිභෝගිකයින් සඳහා වඩාත් උචිත වන්නේ Entrée,Web Starter සහ Pal යන පැකේජ වේ.
  • බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවක් හරහා පරිගණක කිහිපයක් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමට ඔබට අවශ්‍ය නම්, එලෙස සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය පරිගණක සංඛ්‍යාවට අනුව bandwidth පරාසය ඉහළ පැකේජයක් (Family,SME Business & Heavy User) තෝරා ගැනීම සුදුසුය.
  • ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය සඳහා ස්ථිතික අන්තර්ජාල ප්‍රොටොකෝලයක් අවශ්‍ය නම් ව්‍යාපාරික පැකේජයක් තෝරා ගැනීම වඩාත් සුදුසුය.

මම බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයෙක් වෙමි. මට මගේ පැකේජය වෙනස් කළ හැක්කේ කෙසේද?

ඔබගේ අවශ්‍යතාවලට උචිත යැයි ඔබට සිතෙන ඕනෑම පැකේජයක් වෙත මාරු වීමේ හැකියාව ඔබට තිබේ. එලෙස පැකේජ අතර මාරු වීමේදී පහත සඳහන් ගාස්තු අය වේ.

  • දැනටමත් unlimited පැකේජයක් ලබාගෙන ඇති පාරිභෝගිකයින් හට කිසිදු ගාස්තු අයවීමකින් තොරව තවත් unlimited පැකේජයක් වෙත මාරු විය හැක.
  • දැනට ලබාගත හැකිව පවතින පැකේජ (unlimited and volume based packages) අතර මාරු වීම සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 250.00 කි.

බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව සඳහා ලියාපදිංචි වීමේදී මා හට විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා ගත හැක්කේ කෙසේද?

ඔබ තෝරා ගන්නා පැකේජයට අනුව, විද්‍යුත් තැපැල් ලිපින එකක් හෝ කිහිපයක් එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජවලට ඇතුළත් වේ. අවශ්‍ය නම් අමතර විද්‍යුත් තැපැල් ලිපින සඳහා ද ඉල්ලුම් කළ හැක.

ADSL රවුටරයක් හා මොඩමයක් අතර ඇති වෙනස කුමක්ද?

ඔබට අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමට අවශ්‍ය එක් පරිගණකයක් පමණක් නම්, ADSL මොඩමයක් ඒ සඳහා ප්‍රමාණවත්ය. එහෙත් ඔබට පරිගණක එකකට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමට අවශ්‍ය නම්, ADSL රවුටරයක් භාවිත කිරීම වඩාත් ගැලපේ.

මා වෙනුවෙන් ADSL මොඩමය/රවුටරය හා ස්ප්ලිටරය ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට හැකිද?

එසේ කළ හැකිය. ඔබගේ ඉල්ලීම පරිදි, රුපියල් 500.00 ක ගාස්තුවක් අයකිරීමෙන් පසුව ඔබේ මොඩමය/රවුටරය ස්ථාපනය කොට වින්‍යාසගත කළ හැක.

ඕනෑම එස් එල් ටී ටෙලිෂොප් මධ්‍යස්ථානයකින් හෝ ටෙලිෂොප් වෙබ් අඩවියෙන් ඔබට මොඩමයක්/රවුටරයක් මිලදී ගත හැක.

ඔබ මොඩමය/ රවුටරය මිල දී ගන්නේ වෙනත් ස්ථානයකින් නම්, ඒවා ITU G.992.1 (ADSL,G.dmt) / ITU 992.5(ADSL2+), Annex A/M/L ප්‍රමිතීන්ට අනුකූල වන බව කරුණාවෙන් සලකන්න.

මට ස්ප්ලිටරයක් අවශ්‍ය වන්නේ කුමක් සඳහාද?

ADSL splitter යනු හඬ සංඥා පමණක් ගමන් කිරීමට ඉඩ සලසන ප්‍රේරකයකි (filter). ඔබ ස්ප්ලිටරයක් සම්බන්ධ කරන්නේ නැති නම්, voice ඇමතුම් ලබා ගන්නා විට ඔබේ දුරකතනයේ ඝෝෂාව ඔබට ඇසෙනු ඇත.

ස්ප්ලිටරය ඉදිරියෙන් සමාන්තරව ස්ථානගත කර ඇති දුරකතන තිබේ නම්, ඒ සෑම සමාන්තර දුරකතන මාර්ගයක්ම සඳහා ස්ප්ලිටරයක් හෝ මයික්‍රෝ ස්ප්ලිටරයක් සම්බන්ධ කළ යුතු වේ.

බෝඩ්බෑන්ඩ් සබඳතාවය ලබා ගැනීමට අදහස් කරන දුරකතනයෙහි අයිතිය මා සතුව නැති නම් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් සඳහා අයැදුම් කිරීමට මට හැකිද?

ඔව්. එසේ කළ හැකිය. එහෙත්, ඔබට එම සේවාව ලබා ගැනීමට අවසර ලබා දෙන බව සහතික කරමින් අදාළ දුරකතන සබඳතාවයෙහි නීත්‍යනුකූල හිමිකරු විසින් අත්සන් තබන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතු වේ.

තවදුරටත් මා මගේ දුරකතන මාර්ගයට අදාළ ගාස්තුව හා ඇමතුම් ගාස්තු ගෙවිය යුතුද? නැතහොත්, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තුවලට එය ඇතුළත් වේද?

ඔබ ඔබේ දුරකතන සබඳතාවයට අදාළ මාසික ගාස්තුව හා ලබා ගෙන ඇති දුරකතන ඇමතුම් සඳහා වන ගාස්තු ගෙවිය යුතු වේ. බ්‍රෝඩ්බෑන්ඩ් (ADSL) ගාස්තු අදාළ වන්නේ අධිවේගී අන්තර්ජාල ගවේෂණයක නිරත වන විට පමණි.

මා සතුව ISDN සබඳතාවක් ඇත. මෙම ISDN යොදා ගනිමින් මට බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවක් ලබා ගත හැකිද?

දැනට එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයනු ලැබෙන්නේ PSTN (Public Switched Telephone Network) සබඳතා ආශ්‍රිතව පමණි. ඔබට එම සබඳතාවයට සම්බන්ධව එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ලබා ගැනීමට අවශ්‍ය නම්, ප්‍රාදේශීය විදුලිසංදේශන කාර්යාලය/ටෙලිෂොප් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් ඔබ සතු ISDN සබඳතාවය සාමාන්‍ය දුරකතන මාර්ගයක් බවට හරවා ගත යුතු වේ. කෙසේවෙතත්, PSTN සංඛ්‍යා මට්ටම් ISDN සංඛ්‍යා මට්ටම්වලට වඩා වෙනස් නිසා ඔබේ දුරකතන අංකය වෙනස් වනු ඇත.

PSTN / ISDN dial-up දුරකතනයකින් ඇතුළු වීම සඳහා මට මගේ එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලක ගිණුම භාවිත කළ හැකිද?

PSTN / ISDN dial-up සබඳතාවයක් හරහා ඔබට SLT Broadband Express ගිණුමක් යොදා ගනිමින් SLTNet වෙත ඇතුළු විය නොහැක.

මා අන්තර්ජාලය භාවිත කරන විට මගේ දත්ත සම්ප්‍රේෂණය උපරිම වේගය කරා ළඟා නොවන්නේ ඇයි?

අන්තර්ජාලය භාවිත කරන අවස්ථාවකදී දත්ත සම්ප්‍රේෂණය වන වේගය පහත සඳහන් සාධක මත රඳා පවතී.

  • මතක ධාරිතාව, මධ්‍යම සැකසුම් ඒකකය ක්‍රියාත්මක වෙමින් පවත්න කාලය, සහ ගමනාන්ත සර්වරයෙහි ස්ථාවරත්වය.
  • ගමාන්ත සර්වරය අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඇති වේගය.
  • ජාල අවහිරතා සහ ඔබ ඉල්ලා සිටින දත්ත රඳවා ඇති අන්තර්ජාතික සර්වරයෙහි දත්ත සම්ප්‍රේෂණය පමා වීම.
  • අන්තර්ජාලය භාවිත කරන පරිගණකයෙහි මධ්‍යම සැකසුම් ඒකකය ක්‍රියාත්මක වෙමින් තිබෙන කාලය සහ මතක ධාරිතාවය.
  • තඹ සංදාම යුගලයෙහි සහ නිවස්න ජාල සංදාමවල භෞතික තත්ත්වය.

ඉහත සඳහන් හේතු නිසා ඔබේ දත්ත සම්ප්‍රේෂණයන් නියමිත වේගයට අනුව සිදු නොවන අවස්ථා තිබිය හැකි අතර එය අවස්ථානුකූලව වෙනස් විය හැක.

මම බ්‍රෝඩ්බෑන්බ් Entrée පරිශීලකයෙකු වෙමි. මගේ මාසික අන්තර්ජාල භාවිතය පරීක්ෂා කර ගත හැක්කේ කෙසේද?

www.sltnet.lk වෙබ් අඩවියෙහි ඇති අන්තර්ජාල භාවිත මීටරය ඔස්සේ ඔබ අන්තර්ජාලය විසින් භාවිත කරන ලද දත්ත ධාරිතාව දැනගත හැකිය.

  • 1 පියවර:“Usage Meter” යන්න තෝරන්න
  • 2 පියවර: “Subscription Customers” මත ඔබන්න.
  • 3 පියවර: ඔබගේ පරිශීලක නාමය හා මුරපදය ඇතුළත් කරන ලෙස උපදෙස් ලැබෙනු ඇත. domain නාමය රහිතව ඔබේ පරිශිලක නාමය ඇතුළත් කරන්න ( “@stlbb” රහිතව).
  • “ADSL” සේවාව තෝරන්න.
 

ඔබට, වත්මන් මාසය හා ඊට පෙර මාස දෙකකට අදාළ අන්තර්ජාල භාවිතය පිළිබඳ විස්තර ලබාගත හැක.

වැදගත් විස්තර:

  • ඔබගේ පරිශීලක ගිණුම අවභාවිතය වීම වළක්වනු පිණිස ඔබේ මුරපදය කිසිදු තුන්වැනි පාර්ශ්වයක් වෙත අනාවරණය වීමට ඉඩ නොදී ආරක්ෂිතව තබා ගැනීම ඉතා වැදගත් වේ.
  • අන්තර්ජාල ධාරිතාව මත පදනම් වූ පැකේජයක් සමග රවුටරයක් භාවිත කරන්නේ නම් සහ ස්වයංක්‍රීයව පරිශීලක ගිණුම භාවිත කරන ආකාරයට රවුටරය වින්‍යාසගත කර ඇත්නම්, රවුටරය භාවිත නොකරන අවස්ථාවලදී ක්‍රියා විරහිත කර තබන්න. එසේ නොවුණහොත්, ඔබේ රවුටරය ඉබේම අන්තර්ජාලය හා සම්බන්ධ වන අතර එය ඔබේ මාසික අන්තර්ජාල භාවිතයට එක් වනු ඇත.

මා සතු බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් මට හඬ ඇමතුම් ලබා ගත හැක. මෙම දෝෂය වාර්ථා කළ හැක්කේ කෙසේද?

1212 අංකයෙන් එස් එල් ටී ඇමතුම් මධ්‍යස්ථානය අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැක. කරුණාකර, ඔබ වෙත ලබා දෙන යොමු අංකය (reference number) නිවැරදිව සටහන් කරගන්න.

මා සතු බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව ක්‍රියාත්මක වන්නේ නැත. එසේම, මට එම දුරකතන මාර්ගය භාවිත කරමින් හඬ ඇමතුම් ලබා ගැනීමටද නොහැක. මේ පිළිබඳව දැනුම් දීම සඳහා මා ඇමතිය යුතු අංකය කුමක්ද?

මෙහිදී ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවන හේතුව දුරකතනයෙහි කිසියම් දෝෂයක් විය හැක. මෙම දෝෂය පිළිබඳව ඔබට 1212 අංකය අමතා දැනුම් දිය හැක.

මගේ බිල්පතට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මා ඇමතිය යුතු අංකය කුමක්ද?

ඔබේ පැමිණිල්ල 1212 අංකය වෙත ඉදිරිපත් කළ හැක.

ඉහත ගාස්තු කිසිවකට රජයේ අනුමත බදු ඇතුළත් නොවේ. සේවාවන් මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු එකතු කෙරේ.

Scroll To Top