Light
Dark
Pay your bill

සේවක අත්දැකීම

all you want

මේ වන විට දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාල ආශ්‍රිතව සුදුසුකම් සහ අත්දැකීම් බහුල 6000 කට අධික පිරිසක් සේවයේ නියුතුව සිටියි. මෙම සේවක බලකාය අප සමාගම සතු වටිනාම හා වැදගත්ම සම්පත බව අපි අප සෑම විටම කල්පනා කරන්නේ ඔවුන්ගේ අමිල මෙහෙවර නොවන්නට, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරුවා බවට පත් නොවනු ඇති හෙයිනි. මේ නිසාම, අපගේ වටිනා සේවක මහත්ම මහත්මීන් විසින් සමාගම වෙත සිදු කරනු ලැබෙන දායකත්වය නිසි ලෙස අගයමින් ඔවුන් අගය කිරීමට ලක් බව බව සහතික කරනු පිණිස විවිධ ක්‍රියා පිළිවෙත් මාලාවක්ම අපි අනුගමනය කරන්නෙමු. අනාගත වර්ධනයන්ට සාර්ථකව මුහුණ දෙමින් සිය ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයන් බවට පත් වීමට අවස්ථාව සලසා දීම අරමුණු කරගත් නිරන්තර පුහුණු හා සංවර්ධන වැඩසටහන්, වෘත්තීය සංවර්ධන හාබ අදහස් සන්නිවේදන අවස්ථා සඳහා යොදා ගැනෙන විවෘත ප්‍රතිපත්ති මාලාව ආදිය ඒ අතරින් කිහිපයකි. එපමණක්ද නොව, පුළුල් පරාසයක් කරා විහිදෙන ප්‍රතිලාභ හා වරප්‍රසාද මාලාව තුළින් ඔවුන් නිසි ඇගයීමට හා සැලකීමට ලක් වන්නේද යන්නද අපි සහතික කරන්නෙමු. මේ සෑම පියවරක්ම අප විසින් ගනු ලබන්නේ එකම ශ්‍රී ලංකා ටෙලිකොම් පවුලක් ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමේ මානසිකත්වය ඔවුන් අතර ඇති කිරීම සඳහාය. මේ අතරම, කිසිදු ආකාරයක අසාධාරණයකින් තොර, සමාන සේවා පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහිද අපගේ නිරන්තර අවධානය යොදවනු ලැබේ.

2009 වසරේදී අපගේ සන්නාම අනන්‍යතාව සහ "එකම රටක් එකම හඬක්" යන තේමා පාඨය හඳුන්වා දීමත් සමග ආරම්භ කරන ලද සමාගමික පරිවර්තනය අපි නොකඩවා ක්‍රියාත්මක කරමින් සිටින්නෙමු. අප සතු වටිනා මානව සම්පත ඉතා ප්‍රබෝධමත් මානසිකත්වයකින් යුතුව සෑම විටම සමාගමික ඉලක්ක හඹා යාමෙහි නිරතව සිටින බව තහවුරු කරන ශක්තිමක් මානව සම්පත් පරිචයන් මාලාවක්ම අප සමාගම තුළ භාවිත වෙයි. විධායක නිලධාරීන්ගේ කාර්යසාධනය මත පදනම් වූ විශේෂ දීමනා, වාර්ෂික කාර්යසාධන ප්‍රගති සමාලෝචන, සේවකයින් සඳහා වන චර්යා පද්ධතිය, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් අවස්ථා ආදී මේ සෑම ප්‍රයත්නයකම අරමුණ වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ආයතනික සමෘද්ධිය ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක ප්‍රතිපත්තිය

දීර්ඝ කාලීන තිරසාර සමාජ වෙනසත් උදා කිරීම සඳහා ශක්තිමත් ශ්‍රම බලකායක් බිහි කර ගැනීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කළමනාකරණ උපායමාර්ග අතර ප්‍රමුඛත්වයෙහි ලා සලකනු ලබන කරුණකි. මෙම සියලු ප්‍රතිපත්ති සකසා ඇත්තේ සාප්පු හා කාර්යාල පණත, වැටුප් ආඥාපණත හා ශ්‍රී ලංකාවෙහි බලාත්මක කර තිබෙන අනෙකුත් කම්කරු නීති ආදියට අනකූල පරිද්දෙනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත්, ශමබලකාය කළමනාකරණ අත්පොත ගුරුතැන්හි තබා ගෙන සකසා තිබේ. සෑම අවස්ථාවකම සේවකයින්ට හිතකර හා සාධාරණ අයුරින් හොඳම ක්‍රියාපිළිවෙත් හා ප්‍රතිපත්ති භාවිත කිරීමේ වැදගත්කම මැනවින් වටහාගත් අපි, සෑම සේවකයෙකු වෙතම සමාන අවස්ථා ලබා දීමටද කටයුතු කරමු.

දුක්ගැනවිලි කළමනාකරණය කිරීම හා සේවක සබඳතා

සේවකයින්ගේ වෘත්තීය හා පෞද්ගලික ගැටළුවලදී විසඳුම් ලබා දීමට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තුළ ක්‍රියාත්මක දුක්ගැනවිලි කළමනාකරණය හා උපදේශන ක්‍රියාවලියද සියලු සේවකයින් අතර තමා එකම පවුලක සාමාජිකයෙකි යන හැඟීම වර්ධනය කිරීමට මහත් සේ උපකාරී වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ වඩාත් සන්නිවේදනාත්මක හා විවෘත සේවා පරිසරයක් අපගේ සේවකයින් වෙනුවෙන් නිර්මාණය වීමයි.

අප සමාගම තුළ ක්‍රියාත්මක වන, සේවක සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට බලපාන අනෙකුත් ක්‍රමවේද කිහිපයක් මෙසේය:

  • වෘත්තීය සමිති සමග නිරන්තර සාකච්ඡා හා රැස්වීම් පැවැත්වීම - වෘත්තීය සමිතියක් සඳහා අවම වශයෙන් මසකට නිල රැස්වීම් දෙකක්වත් ලබා දෙනු ලැබේ.

  • ඕනෑම සමාගමක කළමනාකාරීත්වය සමග සුහදශීලී සබඳතා පවත්වා ගැනීමෙන් වෘත්තීය සමිති හා කළමනාකාරීත්වය යන දෙපාර්ශ්වයටම සැලසෙන අන්‍යොන්‍ය ප්‍රතිලාභ හා වාසි අවධාරණය කරන, බාහිර ආයතන විසින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වීමට වෘත්තීය සමිති නායකයින්ට අවස්ථාව සලසා දීම.

  • කම්කරු දෙපාර්තමේන්තුව වැනි වෘත්තීය ආයතන හා සංවිධාන සමග සමීප සබඳතා පවත්වා ගැනීම.

  • වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් (නැණ අභිමානී, පැහැසර අරුණළු ආදී වැටසටහන්) සහ අධ්‍යාපනික හා විනෝදාස්වාදාත්මක වැඩසටහන් ආදිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම.

  • වෘත්තීය සමිති සමග අත්වැල් බැඳගනිමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කිරීම. උදා:- ශ්‍රී ලංකා ටෙලිකොම් වෙසක් කලාපය.

සේවක සෞඛ්‍යය හා ආරක්ෂාව

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සෑම විටම එහි සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව වෙත විශේෂ වැදගත්කමක් ලබා දෙයි. සමාගමේ අභ්‍යන්තර සේවකයින් පමණක් නොව ශ්‍රී ලංකා ටෙලිකොම් පරිශ්‍ර තුළ සේවයේ යෙදීම සඳහා බාහිර සේවක සැපයුම් සමාගම් විසින් අනුයුක්ත කරනු ලැබෙන කොන්ත්‍රාත් සේවකයින් සඳහාද ඉතා ආරක්ෂාකාරී හා සුරක්ෂිත සේවා පරිසරයක් ස්ථාපිත කිරීම සඳහා හැකි සෑම උත්සාහයක්ම අපි දරන්නෙමු. සේවා ස්ථානයේ ආරක්ෂිතතාව සහතික කිරීමෙන් නොනැවතී අපි සේවක සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහාද විවිධ ප්‍රයත්න රැසක නිරත වන්නෙමු.