Light
Dark
Pay your bill

හඬ සේවා

all you want

ප්‍රකාශ තන්තු දත්ත සම්ප්‍රේෂණ තාක්ෂණය මත පදනම් වූ අපගේ අති නවීන "මීළඟ පරපුරේ ජාල" (Next Generation Network - NGN) සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය හරහා ඉහළම තත්ත්වයේ හඬ සම්ප්‍රේෂණ සේවාවන් ඔබ වෙත ලබා දීමේ හැකියාව අප සතුය. තඹ හා ප්‍රකාශ සංදාම දෙවර්ගයෙන්ම සමන්විත අපගේ අසමසම රැහැන් සහිත ප්‍රවේශ ජාලය ඇසුරින් ව්‍යවසායික පාරිභෝගිකයින් වෙත ඉතාම ඉහළ හා විශ්වසනීය හඬ සේවා රැසක්ම ලබා දෙන බව අපි සහතික කරන්නෙමු.

ව්‍යවසායික හඬ සේවා

ඔබේ අවශ්‍යතා හා සංකීර්ණ ව්‍යාපාරික කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් අපි අපගේ "නව පරපුරේ ජාල" සන්නිවේදන යටිතලපහසුකම් ව්‍යුහය හරහා සංගෘහිත හඬ සේවාවන් රැසක්ම පිරිනමන්නෙමු.

අප සතු සේවා සමූහය අතරින්,

  • විවිධ පැකේජවලට අදාළ Traffic volume
  • ඔබට අවශ්‍ය අගය එකතු කළ සේවා

යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔබට වඩාත් ගැලපෙන පැකේජය තෝරාගන්න.

ව්‍යාපාරික හඬ නිෂ්පාදන

අපගේ සේවාවන් මගින් IP PABXs, IP Phones, PBXs සහ KTS වැනි පාරිභෝගික කේන්ද්‍රීය බුද්ධි සේවා වෙත සබැඳියාව ලබා දේ. අපි ඔබ වෙත පහත සඳහන් Business Trunks සපයන්නෙමු.

  • SIP Trunks
    ඔබ සතු ස්ථාපිත IP-PBX උපාංගවලින් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ඔබගේ ව්‍යාපාරය තුළ පමණක් නොව ඉන් පිටතද සන්නිවේදනයේ යෙදීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඇති හොඳම විසඳුම වන්නේ මෙයයි. අපගේ "නව පරපුරේ ජාලය" සමග සම්බන්ධ කර ඇති SIP trunking සේවාව නිසා සාම්ප්‍රදායික Voice E1 සහ PSTN සේවාවන්ට සමු දීමට ඔබට අවස්ථාව ලැබේ.
  • E1 Trunks
    Voice E1 හරහා R2 සහ PRI තුළ ඔබේ ව්‍යාපාරය වෙත "සම්භාර හඬ සබැඳියාව" (bulk voice connectivity) ලබා ගත හැක. ශ්‍රී ලංකා ටෙලිකොම් සතු දීප ව්‍යාප්ත PSTN සහ NGN ජාල හරහා ඩිජිටල් E1 වාහක 30ක් සැපයේ. Direct Inward Outward Dialing (DIOD) සහ CLI පහසුකම්වලින්ද සමන්විත මෙම සේවාව නිසා අපගේ පාරිභෝගිකයින්ට අපි විශිෂ්ට තත්ත්වයේ හඬ සේවා අත්විඳිය හැකි වනු ඇත.
  • Business Extensions
    ඇනලොග් දුරකතන හා IP දුරකතන වැනි උපාංග Centrex සබැඳියාව ලබා ගැනීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකි අතර අකම පරිශීලක කණ්ඩායම තුළ ඇති සබඳතා අතර විහිදුම් ඇමතුම් ලබා ගැනීමේ පහසුකමද (Extention Dialling) මීට ඇතුළත් වේ.

අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර (IVR) සේවය

අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර හෙවත් Interactive Voice Response - IVR සේවය නිසා සිය පාරිභෝගිකයින් වෙත සජීවී හා පටිගත කරන ලද දුරකතන මාර්ගික හඬ පණිවුඩ ලබා දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ටෙලිකොම් ව්‍යවසායික පාරිභෝගිකයින් හට ලැබේ. එසේම, අමතර ආදායමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේද අනුමැතිය ඇතිව premium rate අංක භාවිතා කිරීමටද මෙම සේවාව ලබා ගන්නා ව්‍යාපාරික පාරිභෝගිකයින්ට ඉඩ ලැබේ. මෙහිදී එම ඇමතුම් IVR සර්වරය වෙත යොමු කිරීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සිදු කෙරෙන අතර කිසියම් ඇමතුමක් යම් නිශ්චිත IVR සර්වරයක් වෙත ලැබුණු සැණින් නියමිත පණිවුඩ වාදනය වීම ඇරඹී පරිශීලකයින් දක්වන ප්‍රතිචාර DTMF ක්‍රමවේදය හරහා ග්‍රහණය කරගනු ලැබේ.

  • V-Vote IVR
    දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් එකවර කළමනාකරණය කර ගැනීමේ හැකියාව මෙම සේවාව සතු වන අතර අන්තර්ජාලය පාදක කරගත් මත විමසීම් ආදිය සිදු කිරීමේ අවස්ථාව මේ නිසා ලැබේ. එසේම, රියැලිටි වැඩසටහන් වැනි අවස්ථා අතරතුරදී පාරිභෝගිකයින්ට සිය PSTN හෝ CDMA දුරකතන හරහා සජීවී මනාප ලබා දීම් සිදු කිරීමේ අවස්ථාව සලසා දීමට මෙම සේවාව උපකාරී වනු ඇත.

ව්‍යාපාරික ක්ෂණික ඇමතුම් සේවය

Toll Free නමින්ද හැඳින්වෙන මෙම සේවාව ඇසුරින් ගාස්තු අයකිරීමකින් තොරව ඔබගේ පාරිභෝගිකයින් හට ඔබ ඇමතීමට අවස්ථාව සලසා දිය හැක. මෙය ඕනෑම ව්‍යාපාරික සමාගමක විකුණුම් ඉහළ නංවා ගැනීම සඳහා හේතු වන පිළිගත් ක්‍රමයකි. එසේම, පාරිභෝගික ඇමතුම් හා පරිශීලකයින් ඒවාට දක්වන ප්‍රතිචාර ප්‍රමාණය ඉහළ නංවා ගැනීම තුළින් සිය ඇමතුම් මධ්‍යස්ථාන හෝ පාරිභෝගික සබඳතා මධ්‍යස්ථාන ආශ්‍රිත සේවාවන් වැඩිදියුණු කර ගැනීමට කදිම අවස්ථාවක් මෙම සේවාව සපයයි. ඉහත දැක්වුණු ඕනෑම business trunking සේවාවක් හරහා ව්‍යාපාරික ක්ෂණික ඇමතුම් සේවය ක්‍රියාත්මක කළ හැක.

ඉහත සේවාවන් සඳහා වන ගාස්තු පහත සාධක මත පිහිටයි:

  • දුරකතන අංකයට අදාළ ඇමතුම් ප්‍රමාණය
  • මාසික පොදු අය කිරීම
  • Bulk SMS

    eZ Messenger

    SLTMobitel EZ Messenger is a feature-rich Bulk SMS service to cater for business SMS requirements under your company brand name.

    How it works ?

    • Web portal available to manage your contact base and send SMS campaign instantly.
    • Schedule SMS campaigns and many more automations
    • Automate mobile apps to send SMS alerts.
    • Convert email alerts to SMS to enrich your communication

    Service features

    Any business customer who wishes to have their own SMSC platform with a range of enterprise-level features can use eZ Messenger.

    • Easy to use.
    • Tailor-made packages to suite your requirements.
    • Automate with your application for instant alert and message delivery to customers.

    Web Portal features

    • Number list management
    • Number masking
    • Campaign creation
    • Campaign management and scheduling
    • Set monthly message threshold limit
    • Public voting
    • Reports and analytics

    Why you choose eZ Messenger SMSC?

    • Redundant platform with Stretch Cluster at Tier 3 Data Center.
    • 24X7 Customer support on 0112 381 381.
    • Customized platform configuration.
    • Postpaid invoicing on higher volume plans.
    • Prepaid option for temporary uses.
    • Free test messages upon request for other plans.