Light
Dark
Pay your bill

එස් එල් ටී සෙවණේ ඔබේ දිවිය

all you want
අපගේ සංස්කෘතිය හා සේවා පරිසරය
  • ශ්‍රී ලංකා ටෙලිකොම් පවුලේ සාඩම්බර සාමාජිකයින් වශයෙන් අපි සේවා ස්ථානය තුළ "පවුල" යන සංකල්පය වෙත වැඩි වටිනාකමක් ලබා දෙන්නෙමු. පොදු සමාගමික ඉලක්ක සාක්ෂාත් කරගන්නා අතරම අපගේ සේවක මහත්ම මහත්මීන්ගේ පෞද්ගලික වෘත්තීය අපේක්ෂාද ඉටු කරගැනීමට හේතු වන අයුරින් තමන් එකම පවුලකට අයත් යන හැඟීම සෑම දෙනාගේම සිත් සතන් තුළ ජනිත කිරීමට අපි සෑම විටම උත්සාහ කරන්නෙමු.
  • මෙලෙස සෑම අයෙකුම සමග එක්ව වැඩ කිරීමේදී විවිධ ප්‍රතිලාභ හා වරප්‍රසාද ලබා දීම තුළින් සෑම සේවකයෙකුම නිසි ලෙස සැලකීමට ලක් වන්නේද යන්න සහතික කිරීමට අපි කැප වී සිටින්නෙමු.
  • ඉතාම ප්‍රියමනාප හා පාරිසරික වශයෙන් හිතකර අප සමාගමේ නවීන සේවා පරිසරය විවිධ සම්පත් හා නවතම තාක්ෂණිකත ප්‍රවණතා වෙත නිරාවරණය වීමේ අවස්ථාව සෑම සේවකයෙකුම වෙත ලබා දේ. මෙය, විදුලිසංදේශන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් නිරන්තරයෙන් ඇති වන පරිවර්තනයන් හා වෙනස්වීම්වලට ක්ෂණිකව හැඩගැසෙන නම්‍යශීලී පරිසරයකි.
  • කවර ආකාරයක හෝ අසාධාරණයකට ලක් කිරීමකින් හෝ පක්ෂග්‍රාහීත්වයෙන් තොර සමාන අවස්ථාවලින් පිරුණු වින්දනීය සේවා පරිසරයක් ඔබ වෙත ලැබෙන බව අප සහතික කරන්නේ ඉතා සතුටිනි. මේ අතරම, කාර්යක්ෂම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද සහ තවත් ප්‍රතිපත්ති හා පද්ධති විශාල ප්‍රමාණයක් හරහා සමාගමේ සේවකයන්ගේ වෘත්තීය සන්තෘප්තිය සෑම විටම සුරක්ෂිතව තැබීමට හැකි සෑම උත්සාහයක්ම අපි දරන්නෙමු.
වෘත්තීය දියුණුව හා පුද්ගල සංවර්ධනය

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවයේ නියුතු සෑම සේවකයෙකුටම සිය වෘත්තීය දිවියේ ඕනෑම මොහොතක පුහුණු වැඩසටහන්වලට සහභාගී වීමේ අවස්ථාව සලසා තිබේ. කිසියම් අයෙකු ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත බැඳුණු පසුව මුලින්ම සමාගමේ ක්‍රියාකාරීත්වයන් හා සේවකයින්ට වැදගත් කරුණු පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන ආරම්භක පුහුණුවක් ලබා දෙන අතර ඉන් අනතුරුව වරින් වර විවිධ පුහුණු වැඩසටහන්වලට සහභාගී වී උපරිම ඵල නෙළා ගන්නා ලෙස ඔවුන් දිරිමත් කෙරේ. ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබෙන වැඩසටහන් පමණක් නොව බාහිර ආයතන හා විදේශීය පුහුණු වැඩසටහන්ද මේ අතර වේ. එසේම, සේවකයින්ගේ සුදුසුකම්, නිපුණතා හා සේවා අත්දැකීම් ආදීනිර්නායක මත පදනම්ව විනිවිදභාවයකින් යුතුව උසස්වීම් ලබා දීමේ ක්‍රමයක්ද අපි පවත්වා ගන්නෙමු. මේ අතරම, සෑම සේවකයෙකුගේම කාර්යසාධන තත්ත්වය නිරන්තර නිරීක්ෂණයට ලක් කෙරෙන අතර ඒ මත පදනම්ව, ඔවුන් දිරිමත් කිරීම සඳහා පාරිතෝෂක ලබා දීමද සිදු කෙරේ.

ප්‍රතිලාභ හා වරප්‍රසාද
  • මූල්‍ය උපකාර
    ණය, දීමනා හා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන මූල්‍ය උපකාර ක්‍රම රැසක් අපගේ සේවකයින් වෙත හිමි වේ.
  • සෞඛ්‍ය හා ආරක්ෂණය
    ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් වෙනුවෙන් වෛද්‍ය උපකාර ක්‍රම කිහිපයක්ම ක්‍රියාත්මක වේ. එසේම, වාර්ෂික "සුවතා" වැඩසටහන යටතේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරවා ගැනීමේ අවස්ථාවද ඔවුන්ට හිමි වේ. එපමණක්ද නොව, සේවා ස්ථානයේදී සිදු විය හැකි අනතුරු, රෝගාබාධ හා වෙනත් හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක්ද 2012 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථාන පරිශ්‍රයෙහි පිහිටුවන ලදි.
  • පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා දිරිගැන්වීම
    ක්‍රීඩා කටයුතු, සංස්කෘතික හා ආගමික වැඩසටහන්, වාර්ෂික විනෝද චාරිකා, ටෝස්ට්මාස්ටර් රැස්වීම් ආදී රැකියාවට පරිබාහිර ක්‍රියාකාරකම් රැසක්ම ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් වෙනුවෙන් විවෘතව පවතී. එපමණක්ද නොව, කුසලතා පිරිපුන් සේවක මහත්ම මහත්මීන් ජාතික පමණක් නොව ජාත්‍යන්තර තලය දක්වාද ගෙන යාමේ අරමුණින් හැකි සෑම උත්සාහයකම අප සමාගම නිරත වෙයි.