Light
Dark
Pay your bill

ආයතනික වගකීම

all you want

ආයතනික වගකීම

දිවයිනෙහි ජාතික විදුලිසංදේශන සේවා සැපයුම් සමාගම වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම්හි ව්‍යාපාරික උපායමාර්ග හා ආයතනික අනන්‍යතාව සනිටුහන් කරන ඉතාම වැදගත් සාධකයක් වන්නේ අප සතු ආයතනික වගකීමයි. සාමාන්‍ය ජනතාව සහ විවිධ ආයතන, 160 වසරකට අධික කාලයක් පුරාවට ජාතිය වෙනුවෙන් වගකීම ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සලකනු ලබන්නේ ඉහළම වගකීමක් ඇති සමාගමක් වශයෙනි. අප විසින් සිදු කරනු ලබන සියලුම මෙහෙයුම් හා ක්‍රියාවන්, අප සමාගම සතු මූලික ලක්ෂණයක් වන විශ්වසනීයත්වය හා විනිවිදභාවයට අනුගත බව මෙන්ම වටිනා පාරිභෝගික භවතුන්ගේ ජීවන සහකරුවෙකු බවට පත් වෙමින් ඔවුන්ගේ අනාගතය වෙනස් කර ගැනීමට උර දෙමින් ඔවුන් වෙත අපගේ වටිනා ක්ෂේත්‍ර අත්දැකීම් හා සන්නාම විශිෂ්ටත්වය බෙදා දෙන බව සහතික කරගැනීම තුළින් එම කීර්තිය ඉහළ නංවා ගැනීමට අපි සෑම විටම කැපවෙන්නෙමු.

මෙවැනි පසුබිමක් තුළ, අපගේ පාරිභෝගිකයින් සහ හවුල්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවනු පිණිස ඔවුන්ව නිරන්තරයෙන්ම ජවගැන්වීමට දැඩි උනන්දුවක් අප සතුව ඇත. දරාගත හැකි මිල ගණන් යටතේ අපගේ සේවා ලබා දීම, සෑම අයෙකුම එකිනෙකා හා සම්බන්ධ කිරීම මෙන්ම අපගේ මූලික ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් ප්‍රජා හා පාරිසරික අභිමතාර්ථ පෙරදැරි කරගත් ක්‍රියාදාම ආදී විවිධ ආකාරවලින් අපි එය සිදු කරමු. එපමණක්ද නොව, ඕනෑම ජාතියක් සංවර්ධනය කරා පිය මනින ගමනේදී තාක්ෂණ දියුණුව සතු ඉතා වැදගත් භූමිකාවක් ඇති නිසාම, දිවයිනේ සෑම තැනක්ම ඩිජිටල්කරණයට ලක් කරමින් සහ ජාතික ආර්ථික වර්ධනය හා සංවර්ධන ක්‍රියාදාමවලට දායකත්වය දක්වමින් හොඳම තාක්ෂණය හොඳම අවස්ථාවේදී හොඳම යටිතල පහසුකම් යටතේ අනාගතය ඉලක්ක කරගත් දැක්මකින් තෝරා ගනු ලැබෙන බව අපි සෑම විටම සහතික කරමු.

සෑම අයෙකුටම මහත් ආඩම්බරයෙන් සිය මිතුරන් හා පවුලේ අය වෙත නිර්දේශ කළ හැකි ශ්‍රී ලංකාවේ ජනප්‍රියම විදුලිසංදේශන සන්නාමය බවට පත් වීම අප සමාගමේ අපේක්ෂාවයි. විදුලිසංදේශන කර්මාන්තය තුළ දිගු කලක් තිස්සේ රැඳී සිටීම හරහා අපගේ සන්නාමය මගින් ප්‍රකට කෙරෙන සරලත්වය මෙන්ම සමීපත්වය වෙත අනුගත වෙමින් විශ්වසනීයත්වය, වගවීම සහ ඉහළ ගුණාත්මකභාවය මත පදනම් වූ දීර්ඝ කාලීන සබඳතා අපගේ පාර්ශ්වකරුවන් සමග ගොඩනඟා ගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වන්නෙමු.