Light
Dark
Pay your bill

MyAstro

Submitted by isuru on සඳු, 01/10/2022 - 09:55

MyAstro ජ්‍යොතිෂ සේවාව

SLT MyAstro ජ්‍යොතිෂ සේවාව ඔබේ ජීවිතය පිළිබඳ නිවැරදි හා විශ්වාසවන්ත අනාවැකි ලබා දෙයි. එසේම, මෙම සේවාව දැනට රූපවාහිනී නාලිකා හා පුවත් පත් ආශ්‍රිතව භාවිත වන "තාරකා ශාස්ත්‍රය" පදනම් කරගත් සාම්ප්‍රදායික ජ්‍යොතිෂ කියවීම්වලට වඩා වෙනස් මගක් ගනියි.

මෙම සේවාව ලබා ගත හැක්කේ කා හටද?

සියලුම සිටිලිනික් පාරිභෝගිකයින් හට කෙටි පණිවුඩ හරහා මෙම සේවාව ලබා ගත හැක. සේවාව සඳහා ලියාපදිංචි වන්නන්ගේ කැමැත්ත මත Singlish හෝ ඉංග්‍රීසිවලින් අනාවැකි ලබා ගත හැක.

සැපයෙන සේවා

විශේෂ නිවේදන

ඔබගේ ග්‍රහචාරයේ සිදු වන වෙනස්කම් ඔබට බලපාන සැටි දැන ගත හැක.

ජන්ම පත්‍ර කියවීම

දිනය හෝ සතිය ඔබට බලපාන සැටි දැන ගන්න

මෙම සේවාව යටතේ ලබා දෙන ජ්‍යොතිෂ කියවීම් ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය, වෘත්තීය ජීවිතය, විවාහ දිවිය, ආදර සබඳතා, සෞඛ්‍ය තත්ත්වය, ඔබේ පවුල හා ශුභ/අශුභ වේලාවන් ආදී වශයෙන් කාණ්ඩ 08 ක් යටතේ වර්ගීකරණය කර ඇත.

අංක විද්‍යාව

ඔබේ පෞරුෂත්වය විශ්ලේෂණය කර ඇත්තටම ඔබ කෙබඳු අයෙකුදැයි දැනගන්න.

මෙය, පුද්ගලයින්ගේ මූලික චරිත ලක්ෂණ අංක විද්‍යාව ඇසුරින් විශ්ලේෂණය කිරීමේ අධ්‍යයන ක්‍රමයකි. කෙනෙකුගේ උපන් දිනයෙහි ඇතුළත් සංඛ්‍යාවල එකතුව හා නමෙහි අක්ෂරවලට අදාළ සංඛ්‍යාවන්හි එකතුව මගින් ඔහුගේ/ඇයගේ චරිත ස්වභාවය, ජීවන අරමුණු, ඔහු/ඇය උද්දීපනය කරන සාධක මොනවාද යන්න මෙන්ම ඔහු/ඇය තුළ ඇති හැකියාවන් ආදී විස්තර රැසක් දැනගත හැක.

පංචාංග ලිත

පෞරාණික වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඔබට ගැලපෙන හෙඳම වේලාව සොයා ගන්න

රාහු කාලය, මරු සිටින දිශාව, සුභ දිශාව, සුභ මුහුර්තිය සහ දිව්‍යමය සුභ මුහුර්තිය යනාදිය මීට ඇතුළත් වෙයි.

පැකේජ වර්ග

පැකේජය

සැපයෙන සේවා

නිවේදන ලැබෙන වාර ගණන

මාසික ගාස්තුව (රු)

MyAstro

ජ්‍යොතිෂ සේවා සහ
විශේෂ නිවේදන

දෛනිකව, කිසියම් සිදුවීමක් උද්ගත වන අවස්ථාවේම

30.00

Suba

පංචාංග සේවාව

දෛනිකව

20.00

Nume

අංක විද්‍යා සේවාව

සතියක පණිවුඩ 2 ක්

20.00

  •  
  • ඉහත පැකේජ තුන අතරින් ඔබේ මනාපය මත MyAstro, Nume සහ Suba වශයෙන් ජ්‍යොතිෂ සේවා එකකට වැඩි ප්‍රමාණයක් සඳහා ලියාපදිංචි විය හැක. එහෙත්,
  • අංක විද්‍යා සේවාව (Nume ) සඳහා ලියාපදිංචි වීමට නම් පාරිභෝගිකයා පළමුව MyAstro සේවාවෙහි ලියාපදිංචි වී සිටිය යුතුය.
  • මෙම රීතිය පංචාංග සේවාව (Suba) සඳහා අදාළ නොවේ.

මෙම සේවාව වෙත පිවිසීමේ හා ලියාපදිංචි වීමේ ගාස්තු - කෙටි කේතය 1211

විස්තරය

ප්‍රවේශ මාදිලිය

ගාස්තුව (රු.)

ලියාපදිංචිය හා සේවාව වෙත පිවිසීම

කෙටි පණිවුඩ මගින්

පණිවුඩයකට රු. 2.00

මූලික සැකසුම් හා සේවාව වෙත පිවිසීම

අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර සේවාව (IVR) මගින්

පණිවුඩයකට රු. 5.00

  • ලියාපදිංචිය
  • කරුණාකර, ඕනෑම ජ්‍යොතිෂ සේවා පැකේජයක ලියාපදිංචි වීම සඳහා මුලින්ම සිටිලින්ක් දුරකතනයකින් 1211 අමතන්න.
  • පරිශීලීක මාර්ගෝපදේශන උපදෙස්වල සඳහන් පරිදි ඔබේ නම සහ ඔබ තෝරා ගන්නා පැකේජයේ නම කෙටි පණිවුඩයකින් 1211 වෙත යවන්න.
  • ඔබ මෙම සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලැබූ විට, ඔබේ ලියංපදිංචිය හා පුද්ගලික හඳුනාගැනීමේ අංකය භාරගත් බව දැනුම් දෙන ස්තුති කෙටි පණිවුඩයක් ඔබ වෙත ලැබෙනු ඇත.
  • අදාළ උපදෙස් අනුගමනය කරමින් උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය ආදී අදාළ තොරතුරු ලබා දෙන්න.
  • අනතුරුව ලියාපංදිචි ක්‍රියාවලිය සාර්ථකව සිදු වූ බව සහතික කරමින් කෙටි පනිවුඩයක් ඔබ වෙත ලැබෙනු ඇත.

 

  • මෙම සේවාවෙහි විශේෂ ලක්ෂණ
  • සෑම දිනයකම උදෑසන ජ්‍යොතිෂ අනාවැකි ඔබ වෙත ලැබෙනු ඇත.
  • ඔබට කෙටි පණිවුඩයක් ඇසුරින් Singlish හෝ ඉංග්‍රීසි බසින් අනාවැකි ලබා ගත හැක.
  • එක් දුරකතනයකින් ඕනෑම පරිශීලකයින් සංඛ්‍යාවකට මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැකි අතර එසේ ලියාපදිංචි වන සෑම අයෙකු හටම නමට අදාළව සුවිශේෂී පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් ලබා දෙනු ලැබේ. ඉන් අනතුරුව සෑම පාරිභෝගිකයෙකුටම තමන්ගේ නම ඇසුරින් ජ්‍යොතිෂ අනාවැකි ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ නිසා එකම දුරකතනයකින් මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමට එකම පරිශීලක නාමය යොදා නොගන්නා ලෙස අපි පරිශිලකයින් වෙත දැනුම් දෙමු.
  • යම් පරිශීලකයෙකු "Suba" සේවාව සඳහා ලියාපදිංචි වූ පසුව, MyAstro සේවාව සඳහා ලියාපදිංචි වී සිටින අනෙකුත් පරිශීලකයින්ටද එම දුරකතනයෙන්ම "Suba" අනාවැකි ලබා ගත හැක. ඊට හේතුව වන්නේ "Suba" අනාවැකි සියල්ලන්ටම පොදු ඒවා වීමයි. උදා:- රාහු කාලය.
  • භාවිත කරන දුරකතන සබඳතාවය පසුගෙවුම් සබඳතාවයක් නම් සමස්ථ සේවා ගාස්තුව අදාළ පාරිභෝගිකයාගේ මාසික බිල් පත වෙත එකතු කරනු ලැබේ. පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා වන ගාස්තුව ඔවුන්ගේ පෙරගෙවුම් ගිණුමෙන් අඩු කරගනු ලැබේ.
  • වගන්ති හා කොන්දේසි
  • සේවාව සඳහා ලියාපදිංචි වීම හා අනාවැකි ලබා ගැනීම.
  • ඔබ වෙත නව PIN අංකයක් ලැබෙන සෑම අවස්ථාවකදීම ඔබ ලියාපදිංචි වූ පාරිභෝගිකයෙකු වශයෙන් සලකනු ලැබෙන අතර, ඔබ විසින් තෝරා ගන්නා ලද පැකේජයට අනුව එහි මාසික ගාස්තුව පෙරගෙවුම් පාරිභෝගිකයින්ගේ ගිණුමෙන් අඩු කර ගැනීම හෝ පසුගෙවුම් පාරිභෝගිකයින්ගේ ගිණුමට එකතු කිරීම හෝ සිදු වේ.
  • අදාළ දිනයේ ප.ව. 8. 00 ට පෙර ලියාපදිංචිය සිදු කෙරුණේ නම්, ඊට පසු දිනම කෙටි පණිවුඩ අනාවැකි ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.
  • අදාළ දිනයේ ප.ව. 8. 00 ට පසුව ලියාපදිංචිය සිදු කෙරුණේ නම්, එක් දිනකට පසුව කෙටි පණිවුඩ අනාවැකි ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.
  • සේවාව නතර කිරීම/අලුත් කිරීම සිදු කළ හැක්කේ ඔබේ කැමැත්ත මත, බිල් පත් සැකසෙන මාසයකට එක් වරක් පමණි.
  • ඉහත කිසිදු ගාස්තුවකට බදු ඇතුළත් නොවේ.
Select Section
Telephone