Light
Dark
Pay your bill

බ්‍රෝඩ්බෑන්ඩ් වේගය කෙරෙහි බලපාන සාධක මොනවාද?

Submitted by isuru on අග, 01/11/2022 - 11:52

පහත සඳහන් සාධක මත, තාක්ෂණික හේතු නිසා ඔබ අත්විඳින සත්‍ය අන්තර්ජාල වේගය වෙනස් විය හැක.:

  • ඔබේ සේවාව මත ක්‍රියාත්මකව පවතින 'Line Profile' එක. සාමාන්‍යයෙන්, හැකි උපරිම ස්ථාවර වේගයක් ලබා දීම සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ඒවාට අදාළ උපරිම භාගත කිරීම් වේග සීමා කරන ආරම්භක පැකේජයකට අනුගත කරයි. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මෙහෙයුම් හා නඩත්තු කණ්ඩායම විසින් පාරිභෝගිකයින් ලබා දෙන ප්‍රතිචාර මත පිහිටා උපරිම වේගය වෙනස් කරනු ලැබේ.
  • ටෙලිකොම් දුරකතන හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඔබ සිටින පරිශ්‍රය දක්වා දිවෙන තඹ රැහැනේ දිග.
  • එකම සංදාම ආවරණය ඇතුළත වෙනත් පාරිභෝගිකයින් විසින් භාවිත කරනු ලැබෙන අනෙකුත් ඩිජිටල් සේවාවල ස්වභාවය හා සංඛ්‍යාව.
  • ඔබේ පරිශ්‍රයේ සිට දුරකතන හුවමාරු මධ්‍යස්ථානය දක්වා දිවෙන දුරකතන මාර්ගයේ ගුණාත්මකභාවය.
  • බාහිර විද්‍යුත් ප්‍රභවයන් නිසා සිදු වන විද්‍යුත් බාධාවන්
  • ඔබේ පරිශ්‍රය තුළ තඹ රැහැන් පිහිටුවා කර ඇති ආකාරය
  • මෘදුකාංග වින්‍යාසගත කර ඇති ආකාරය හා ඔබේ පරිගණකයේ පිහිටුවා ඇති පරිගණක යෙදුම්.
  • ඔබේ ADSL මොඩමයේ හෝ රවුටරයේ ශක්‍යතා.
  • ඔබ ප්‍රවේශ වීමට උත්සාහ කරන ගමනාන්ත පරිගණකයෙහි ධාරිතාවය සහ දත්ත සම්ප්‍රේෂණ වේගය.

    මේ නිසා, තාක්ෂණික හා න්‍යායික කරුණු මත ඉහත සඳහන් හේතු නිසා ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අඩු වීමට ඉඩ ඇත.

    ප්‍රචාරණය කරන ලද bandwidth එක වටහා ගැනීමේදී පහත සඳහන් පරාමිතික ඔබට වැදගත් වනු ඇත

    • Bandwidth
       

      Bandwidth යන්නෙන් අදහස් වන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයක් මගින් සම්ප්‍රේෂණය වන උපරිම දත්ත ප්‍රමාණය තීරණය කරන ධාරිතාවයයි.

    • උපරිම හා අවම Bandwidth පරාමිතික
       

      ඇතැම් විට විවිධ තාක්ෂණික හේතූන් මත ග්‍රාහකයින් හට ප්‍රචාරණ දැන්වීම්වල සඳහා උපරිම Bandwidth වේගයම නොලැබෙන්නට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී තාක්ෂණික ඇගයීම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් හට හැකි උපරිම Bandwidth වේගයක් ලබා දීමට හැකි වීමට ඉඩ තිබේ. කෙසේවෙතත්, ඉහළ Bandwidth පරාසය, "අවම Bandwidth පරාසය" නමින් හැඳින්වෙන අවසර දිය හැකි අවම පරාසය ඉක්මවන්නේ නම්, එම පැකේජය පාරිභෝගිකයින් හට ලබා දිය නොහැක. ඒ වෙනුවට අදාළ පාරිභෝගිකයාගේ දුරකතන මාර්ගයේහි තත්ත්වයට ගැලපෙන වෙනත් පැකේජයක් සපයනු ලැබේ.

Title
බ්‍රෝඩ්බෑන්ඩ් වේගය කෙරෙහි බලපාන සාධක මොනවාද?
Category