Light
Dark
Pay your bill

බ්‍රෝඩ්බෑන්ඩ් (ADSL) යනු කුමක්ද?

Submitted by isuru on අග, 01/11/2022 - 11:54

බ්‍රෝඩ්බෑන්ඩ් යනු අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි ක්‍රමවේදයකි. ඇත්තෙන්ම, සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් narrowband ලෙස හැඳින්වෙන පැරණි ක්‍රම හා සසඳා බලන විට, මෙහිදී ලැබෙන ලැබෙන අධිවේගී අන්තර්ජාල වේගය නිසාම මෙය broadband ලෙස හැඳින්වේ.

ADSL යනු, දැනටමත් භාවිතයේ පවතින තළ රැහැන් සහිත දුරකතන ජාල ප්‍රයෝජනයට ගන්නා බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයකි. සාම්ප්‍රදායික 56k මොඩමයකට වඩා අධික වේගයක් (පෙරට වඩා 10 සිට 140 ගුණයක වේගයෙන්) ලබා දෙනු පිණිස මෙම තාක්ෂණයේදී පවතින දුරකතන මාර්ග ආශ්‍රිතව ඉතා පුළුල් සංඛ්‍යාත පරාසයක් භාවිතයට ගැනේ. එපමණක්ද නොව, ඔබ අන්තර්ජාලයේ සැරිසරමින් සිටින අතර දුරකතනය භාවිත කිරීමටද හැකියාව ඇත.

එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් මගින් දරා ගත හැකි මුදලකට නොනවතින අධිවේගී අන්තර්ජාල සේවා සැපයේ.

Title
බ්‍රෝඩ්බෑන්ඩ් (ADSL) යනු කුමක්ද?
Category